අසේල කුරුළුවංශ –
බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) ඇළලී ගියේය.
එම හේතුව නිසා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු අංශ ගණනාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (28) පෙරවරුවේ දැඩි සෝදිසි කිරීමට කරනු ලැබුවේය.
මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර තිබෙන්නේ වාහනයක සවිකල බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පුපුරුවා හරින බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල ඊ මේල් ලිපිනයට යොමුකළ පණිවිඩයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් වරයා පොලීසියට කළ දැනුම් දීමකට අනුවය.
පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් අද (26) පෙරවරු 10.00 ට පමණ මෙම සෝදිසි කිරීම ආරම්භ කළ බව පොලීසිය පැවසුවේය.

බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු සෝදිසි කිරීමේ කණ්ඩායම් පැමිණීමත් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමීම හේතුවෙන් සේවා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණ සිටි ජනතාවට දැඩි අසීරුතාවට පත්වුය.
ආරක්ෂක අංශ ඔවුන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටවීමට හෝ එම පරිශ්‍රයට ඇතුළු වීමට අවස්ථාව වලක්වනු ලැබුවේය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාහන වලින් පැමිණෙන නිලධාරීන්ට හා සේවකයින්ට වාහම තම තමන්ගේ වාහන අසළට පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දීම හේතුවෙන් වාහන හිමි සියලු දෙනා රාජකාරි කටයුතු අතරමග නතරකර දමා ඔවුන්ගේ වාහන අසළට පැමිණ සිටිනු දකින්නට ලැබිණි.
මේ වනවිටත් අදාළ සෝදිසි කිරීම් සිදුවෙමින් ඇත.










