ලලිත් චාමින්ද –
සිය ත්‍රී රොද රථයට හසුවන්නට ගිය සුනඛයෙක් බේරාගන්නට කළ උත්සාහයක දී වෙනත් ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුරකට ලක්ව මිය ගිය ත්‍රීරෝද රථ රියදුරෙක් පිලිබඳව ගාල්ල පිලානෙන් වාර්තා වේ.
අද (23) පෙරවරුවේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පිලාන උඵකඩේ හන්දිය අසලදි සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කේ.අනුර (52) නැමති පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ රථය හා ගැටුණු අනික් ත්‍රිරෝද රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇත. ගාල්ල දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයට පනිනු ලැබූ සුනඛයා බේරා ගැනීමට රියදුරු කළ උත්සාහයේ දී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ඔහු පැදවු ත්‍රිරෝද රථයේ ගැටි මෙම අනතුර වි ඇත.
මෙම අනතුරෙන් සුනඛයාද මියගොස් ඇති අතර හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.







