අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…

by editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයන්නට ගොස් වසරක් වැනි කෙටි කාලයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව සිව් වතාවක් මේ වන විට වෙනසකට ලක් වී ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ ලොකු පුටුව වන අධ්‍යක්ෂධූරයේ රැඳී සිටියේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය. ශානිට ඒ තැන ලැබෙන්නේ යහපාලන ආණ්ඩුව සමයේදීය.

යම් ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව වෙනසකට ලක්වන පොලීසියේ ඇති සුවිශේෂී අංශයක් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. මාරුවෙන් මාරුවට මේ රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම බලයට පැමිණි විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවට තමන්ට විශ්වාස නිලධාරියෙක් පත්කරගත්තේය. එම නිලධාරියා උසස්වීමක් ලැබ හෝ විශ්‍රාම යාමක් හැරුණු කොට එම පුටුවෙන් විසිවන්නේ නැති තරම්ය. ශානි අබේසේකරද වත්මන් ආණ්ඩුව බලයට එනතුරුම එම න්‍යායට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවේ රැඳී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ශානිව විසිවී යන්නේ 2019 නොවැම්බර් 23 වෙනිදාය. ඒ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ   ජනාධිපතිධූරයට පත්ව දින කිහිපයකට පසුවය. එදා  ශානි වෙනුවට ඒ තැනට පත්කෙරෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නය. මහින්ද රාජපක්ෂ   ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි තිලකරත්න පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරියාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තතුවේ ලොකු පුටුවට පත්වීමත් සමග බොහෝ දෙනා සිතුවේ ඔහු දේශපාලන ගේමක් ගසමින් විරුද්ධවාදීන් අල්ලා එකපිට එක නඩු දමතැයි කියාය.   එහෙත් ඒ කිසිවක් සිදුවූයෙය් නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ආවේනික ක්‍රයාවලියට අනුව එහි නිලධාරීන්ට වැඩ කරන්නට ඔහු අවස්ථාව ලබා දුන්නේය. ඒ  කවුරුන් වූවත් වැරදි නියෝග ලබාදුන හොත් ඒවා ක්‍රියාත්මක නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන්ට නියෝග කරමිණි.

තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු තමාට විශ්වාස නිලධාරීන් කිහිප දෙනෙක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට ගත්තේය. වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර ආන්දෝලනයට තුඩුදුන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වූ ගැබිණි මව්වරුන්ගේ පැලෝපීය නාලය මිරිකා වදභාවයට පත්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ විමර්ශනය පැවරුනේද ඒ එක් නිලධාරියෙකුටය. ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙකි.

ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ මුල සිටය. එහිදී විමර්ශන කණ්ඩායමට පෙනී යන්නේ වඳභාවයට පතවූබව කී ඇතැම් කාන්තාවන් ඒ වන විට ගැබිණි මව්වරුන් බවට පත්ව සිටින බවය. ඒත් එක්කම ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වූ විමර්ශන මන්දගාමීවන්නේ  වේගවත් විමර්ශනයක් දැන් එහි කරන්නට ඉතිරිව නොමැති වූ බැවිණි.

තිලකරත්නගේ පාස්කු අභියෝගය

මෙහිදී තිලකරත්නට එල්ලවන ප්‍රධාන අභියෝගවලින් එකක් වන්නේ පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශනයයි. එකී විමර්ශන ගලාගෙන යාමට ඉඩදෙමින් තිලකරත්න නිලධාරීන් මෙහෙයවමින් සිටිය දී කොවිඩ් පළමු රැල්ලට මුළු රටම වැසුනේය.  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලාගත් බව පොලීසිය පැත්තෙන් කිව්වේ ඒ අතරය. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවක් තබා පවසන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය. මඩකලපුව සියෝන් දේවස්ථානයට සහ  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදීන් දෙදෙනෙක් අල්ලාගත් බව  ඒ විශේෂ මාධ්‍ය හමුවේදී කියැවිණි.

එම මාධ්‍ය හමුව සජීවීව රූපවාහිනිනී තිරයේ විකාශය වෙමින් තිබියදී එය දුටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ තිලකරත්නට උඩ බිම බැලුණේය. ඒ තමා දන්නා තරමින් ඒ කියැවෙන ආකාරයේ ප්‍රධාන අපරාධකරුවන් දෙදෙනෙක් අල්ලාගෙන සිටියේ නැති නිසාය. අත්අඩංගුවට ගෙන තිබුනේ සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ බෝම්බකරු බෝම්බ බෑගයද රැගෙන ගමන් ගත් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ බස් රථයේ ටිකට්පතක් දුරකතන ඇමතුමකට අනුව වෙන්කර දුන් ටයිම්කීපර් සහ දුරගමන් සේවා බස් රථවල ආසන වෙන්කරන පුද්ගලයෙක් පමණි.  මේ අය ඊට පෙරද අත්අඩංගුවට ගෙන නීතිපති උපදෙස් මත නිදහස්කර සිටි අයය. ඒ එක් අයෙක් සාක්ෂිකරුවෙකි.

මේ ගැන තිලකරත්න කලබල වී සොයා බැලීමේදී පෙනී යන්නේ තමාට වඩා ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ඒ කටයුත්තකර ඇති බවය. ඒ අයට අවශ්‍ය වී තිබුණේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් බවට ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයන් පත්කරන්නට බවය. කෙසේ වෙතත් ඊට කිලකරත්නගෙන් සහයෝගයක් නොවීය. ඒ නිසාම තිලකරත්න අපරාධ විමර්ශනයේ හසල දැනුමක් නැති අයෙක් බවට පත්කරමින් ඔහුව 2020 මැයි 23 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවේ සිට ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂධූරයට මාරුකර යැව්වේය. ඒත් එක්කම ඔහු  සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නිලධාරීන්ද ස්ථාන මාරුවීම් ඉල්ලාගෙන  ගියේය. ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් විමර්ශන කරගෙන ගිය නිලධාරියා දැන් සේවය කරන්නේ අගමැති ආරක්ෂක අංශයේය.

ප්‍රසන්න අල්විස්  විසි වී යෑම

එතැන් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාව සිටි පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්ය. දක්ෂ අපරාධ විමර්ශකයෙක් වූ ප්‍රසන්නට අපරාධ මෙන්ම ත්‍රස්ත විමර්ශන සම්බන්ධයෙන් වැඩ කියා දෙන්නට අවශ්‍ය නැත. ඔහු දීර්ඝ කාලයක්ම සේවයේ නිරතව සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේය. ඔහුගේ ගුරුවරයා වූයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේද ප්‍රධානියාව සිටි චන්ද්‍රා  වාකිෂ්ඨය.

ප්‍රසන්න අල්විස් අපරාධ හා ත්‍රස්ත විමර්ශනයේ වැඩ්ඩෙක් වූවත් ඔහුට මාස පහකට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂධූරයේ රැඳී සිටින්නට අවස්ථාවක් නොවීය. ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවෙක් ඔහුටද අල්ලා ගන්නට නොහැකිවූ බැවිණි. එහෙත් පිටතට පෙනෙන්නට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටස් වලට කඩා වෙනම පොලිස් කොට්ඨාස බවට පත්කිරීමේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ  සැළසුමකට එරෙහිවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවෙන් ඔහු විසිවන්නට බලපෑ බවය.

නිශාන්ත සොයිසාට වෙච්චි දේ

2020 ඔක්තෝම්බර් මාසයේදී නැවතත් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂධූරයට යන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ලොකුපුටුවට පත්කෙරෙන්නේ තවත් දක්ෂ අපරාධ විමර්ශකයෙක් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවට නිශාන්ත සොයිසාගේ නම මුලින්ම යෝජනා වන්නේ තිලකරත්න යනවාත් සමගිනි. ප්‍රසන්න අල්විස්ට ඒ තැන හිමිවන්නේ නිශාන්ත සොයිසාගෙන් ඊට එතරම් කැමැතක් නොදැක්වීම හේතුවෙනි. නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ රිෂාඩ් බදුයුදීන්ගේ සහෝදරයා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයින් දෙදෙනෙක් ලෙස අත්අඩංගුවට ගැනෙන්නේත් මේ කාලය තුළදීය. එහෙත් රිෂාඩ්ගේ සහෝදරයා පසුව නිදහස් වන්නේ කිසිදු චෝදනාවක් නොමැතිවය.

නිශාන්ත සොයිසාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු  පුටුව භාරකෙරෙන්නේ පාස්කු පුහාරය සම්බන්ධයෙන් වූ මෙවන් තත්වයක් හමුවේය. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද සේවය කර ඇති නිශාන්ත සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවට පත්කෙරෙන්නේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස සිටියදීය.

සොයිසාටත් පැවරෙන ප්‍රධාන ඉලක්කය පාස්කු ප්‍රහාරයයි. එහෙත් ඔහුටත් මාස හතකට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවේ රැදෙන්නට ඉඩක් නොවීය. ඉකුත් 09 වෙනිදා ඔහුව විසිවන්නේ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂධූරයටය.

රොහාන් ප්‍රේමරත්න සහ අභිනව මහ මොළකරු

ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව භාරකෙරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඩී ගිය කොටසක් වූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්නටය. කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධයක්ෂධූරයත් ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා ලෙසත් සේවය කර ඇති රොහාන් ප්‍රේමරත්නද වැඩ්ඩෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුව ඔහුට භාර කෙරෙන්නේ දිගින් දිගටම මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ඉල්ලා සිටින පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවා කවුරුන්දැයි පොලීසිය භාර ඇමතිවරයා වන ආචාර්ය සරත් වීරසේකර විසින් නෞෆර් මව්ලවි නැමැත්තා නම්කර ඇති පසුබිමකය.

මේ කියන නවුෆර් මව්ලවි දැන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේම සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. නවුෆර්ව අල්ලා ගන්නේ පාස්කු පුහාරය එල්ල වූ දින ඔහු සගයෙක් සමග කොළඹ සිට කාතන්කුඩිය බලා මගී බස් රථයකින් ගමන් කර  දඹුල්ලේ නවාතැන් පොලක සිටියදීය.

දඹුල්ල පොලීසිය මගින් ඔවුන්ව අල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරුව  හෙළිවන්නේ එවකට සිටි ඇමතිවරයෙක් වූ රිෂාඩ් බදියුදීන්ගේ නැගණියකට අයත් එඩේරමුල්ලේ නිවසක් කුළියට ගෙන කාලයක්ම ඔහු ඇතුළු පිරිසක් නවාතැන් ගෙන සිටි බවය. ඒ අය අතර මාවනැල්ල බුදු පිළිම කැඩූ සහිඩ් සහ සාදික් නැමැති සහෝදරයන්ද සිට ඇතිබව කියැවිණි.

එකල කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී තිබුණේ 2020 වසරේදී මුළු රටම ලේ විලක් බවට පත්කර  ඉස්ලාමීය රාජ්‍යක් ගොඩ නැගීම සඳහා සැළසුමක් ක්‍රියාත්මකව තිබූ බවය. ඒ සඳහා බඳවා ගැනීම් පුහුණුවීම් ක්‍රියාත්මක වූවත් සහරාන් හිටි හැටියේම අප්‍රේල් මාසයේ මුල දිනක පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලකිරීමට තීරණය කළ බව දැනුම් දුන් බවත් ඒ ඊට නවුෆර් මව්ලවි ඇතුළු පිරිසක් විරෝධය දැක්වූ බවත්ය. එහිදී ඇතිවූ මතවාදීමය ගැටලුවක් මුල්කරගනිමින් කණ්ඩායම දෙකට බෙදී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් විමර්ශන වලින් කියැවිණි.

ජනාධිපති කොමිසමට නවුෆර් මවුලවි කැඳවූයේ නැත

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ නවුෆර් මව්ලවිගේ සාක්ෂිය විභාගයට නොගත්තද ඔහුගෙන් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. ඒ ප්‍රකාශයෙන්ද පෙනී ගොස් තිබුණේ නවුෆර් මව්ලවි   2020 දී දියත් කිරීමට නියමිතව තිබූ ප්‍රහාරක සැලසුමක  මහා මොළකරු වුවත් පාස්කු ප්‍රහාරය සිදුවන්නේ ඔහුගේ අනු දැනුමකින් නොවන බවය. ඒ තත්වය විමර්ශනවල දී තහවුරු වූයේය.

නවුෆර් මව්ලවි සරත් වීරසේකර ඇමතිවරයා විසින්  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෙක් කරන්නේ මෙවන් තත්වයක් හමුවේය.

මේ වන විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් ඇත්තේද මහත් වූ ආන්දෝලනයකි. ඒ ගැටලුව නිරාකරණය කිරීමේ ඊළග වගකීම දැන් පැවරී ඇත්තේ රොහාන් ප්‍රේමරත්නටය. කොතරම් කාලයක් ඔහුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවේ රැඳී සිටිමින් පාස්කු පුහාරයේ මහ මොළකරුගේ ගැටලුව විසඳීමට හැකියාවක් ලැබේදැයි නිරතුරුම අපි බලා සිටිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

Next Post

උම්බලකඩ පෙන්නා කුඩු විකිණූ වත්තල කෝටිපති මුදලාලි දැලේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.