දිනසේන රතුගමගේ –
යාපනයේ පන්නන්කුලම් ප්‍රදේශයේ ජනතාව එක් ස්ථානයකට කුණු දැමීම නවතා ලීම සඳහා උපාය මාර්ගයක් වශයෙන් ගම්මානයේ එක් වැසියෙකු නටරාජ් ප්‍රතිමාවක් කුණු දමන ස්ථානයේ පිහිටුවා ඊට වැදුම් පිදුම් කරන්නට විය.
ගම්මානයේ ජනතාව මාසයක පමණ කාලයක් එම ස්ථානයට කුණු බැහැර කිරීමට බියක් දැක්වූවත් මේ වන විට එම ප්‍රතිමාව අසලට පමණක් නොව ප්‍රතිමාවටද කුණු දමා යන්නට පටන් ගෙන තිබේ.
නටරාජ් ප්‍රතිමාවකට අගෞරව කිරීම සම්බන්ධයෙන් නල්ලූර් කෝවිලේ පාලක කුරුක්කල්වරු යාපනයේ පන්නන්කුලම් ගම්මානයේ වැසියාට දොස් නගා ඇති අතර ඔහු එම ප්‍රතිමාව යළි ඉවත් කිරීමට ඇති බිය නිසා විශාල ගැටලුවකට මුහුණ දී සිටියි.