සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීල් තබා ඇති මහනුවර මානව හිමිකම් කාර්යාලය හෙට විවෘත නොකළහොත් එය ඉදිරිපිට මාරක උපවාසයක් කරනවා…

මහනුවර මානවහිමිකකම් කාර්යාලයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිණිය අනතුරු අඟවයි...

by editor
ජූනි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මතුව තිබෙන අභ්‍යන්තර  අර්බුදයක්  හේතුවෙන් සීල් තබා ඇති  මහනුවර දිස්ත්‍රික් මානව හිමිකම් කාර්යාලය හෙට (06) විවෘත නොකළහොත්  කාර්යාලය  ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ කුමුදුනී විතාන පවසයි.

මෙම අර්බුදය ඇති වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී තනතුර සඳහා දෙදෙනෙකු හිමිකම් කීම  හේතුවෙනි.

කුමුදුනී විතාන මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස වසර 08 ක කාලයක් කටයුතු කරමින් සිටියාය.  ඒ අතර  ඇය කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුකර ඒ වෙනුවට විරංජන් ඩයස් සුමන්සේකර මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් අප්‍රේල් මස 03 දින නුවර කාර්යාලය වෙත පත් කරනු ලැබ තිබිණි.

අදාළ පත් කිරීම නීති විරෝධී බව පවසමින් කුමුදුනී විතාන මාරුව ප්‍රතික්ෂේප කරමින් අදාළ තනතුරේ දිගටම රැදී සිටියාය.

කොමිෂන් සභාවේ සාමාජිකයින් ගේ කිසිදු අනුදැනුමකින් තොරව අදාළ පත් කිරීම සිදුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ අභියාචනා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකළ සභාපතිනිය හා ලේකම්වරයා ඇතුළු පිරිස සේවය අත්හැර ගියා සේ සලකා තමන්ට මැයි 04 දින ලිපියක් යොමුකර තිබෙන බවත් කුමුදුනී විතාන කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ ඇතුළු පිරිසක් පසුගිය 30 දින මහනුවර කාර්යාලයට සීල් තබා එහි තිබූ කැබ් රථය කොළඹ ප්‍රධාන කාර්යාලයට රැගෙන ගිය අතර එදින සිට මේ දක්වා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය පවතින්නේ පොලීස් ආරක්ෂාව යටතේ ය.

මේ වනවිට තමන් ගේ වැටුප් පවා අත්හිටුවා තිබෙන බවත් මෙම අත්තනෝමතික තීරණ නිසා තමන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් කුමුදුනී විතාන කීවාය.

අර්බුදය හේතුවෙන් පසුගිය 30 දින සිට මහනුවර දිස්ත්‍රික් මානව හිමිකම් කාර්යාලය වසා දමා ඇත. එහි සේවය ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට 1996 අංකය අමතා සේවය ලබා ගන්නා ලෙස දැනුම් දී තිබේ.

මහනුවර දිස්ත්‍රික් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මානව හිමිකම් කොමෂන් සභාව මාසිකව රුපියල්  ලක්ෂ 1 1/2 ක් පමණ මුදලක් ගෙවන අතර සේවක වැටුප් වශයෙන් ලක්ෂ හයකට ආසන්න මුදල් ගෙවන බව ද දැනගන්නට ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුකුළු මස් මිල අතාර්කිකයි… මිල පාලනයක් පනවන්නැයි සත්ත්ව නිශ්පාදකයෝ රජයෙන් ඉල්ලති!

Next Post

ඉන්දියානු රාජු රාධා බලෙන් පදිංචි වී සිටි බව කියන  ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේ ඇත්ත කතාව…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.