බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු රාජු රාධා බලෙන් පදිංචි වී සිටි බව කියන  ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේ ඇත්ත කතාව…

by editor
ජූනි 5, 2023
in පුවත්
Raju-Radha
Share on FacebookShare on Twitter

ඉන්දීය ජාතිකයකු වන රාජු රාධා නැමැත්තා විසින් බලහත්කාරයෙන් රැඳී සිටින බව කියන කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පනස් දෙනෙකුගෙන් පමණ යුක්ත කණ්ඩායමක් පෙරේදා (03) රාත්‍රියේ සිට ඇතුළු වී එහි බලය අත්පත් කරගැනීමට උත්සාහ කර තිබුණේ මෙම  දේපල මර්කන්ටයිල් බැංකුව    වෙත කෝටි 80කට උකස් තැබීමෙන් අනතුරුව එම කල්බදු වාරිකය එක් වසරක් පමණක් ගෙවා   ගණනක්  තිස්සේ බදු ගෙවීම පැහැර හැර තිබීම නිසා බවත් මේ වනවිට  දෙපාර්ශවය එක් වී සිද්ධිය සමථයකට පත්කරගෙන ඇති බවත් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ග්‍රීන් ලංකා ටවර්  ගොඩනැගිල්ල තිබෙන්නේ නවම් මාවතේ අංක 46/46 දරන තැනය. එය නව මහල් ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල වත්කමක් ලෙස පැවතියේ ඉන්දීය ජාතිකයෙක්වන රාජු රාධා විවාහ වී සිටි ශ්‍රී ලාංකික කාන්තාව වන කුෂානි නානායක්කාරටය.

රාජු රාධා හා විවාහ වී සිටි කුෂානි නානායක්කාර මීට අවුරුදු 18කට පෙර ඔහුගෙන් දික්කසාද වුනාය.  එම විවාහයෙන් ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් වූහ.   මේ වනවිට රාජු රාධා කොළඹ 07 බුලස් පාරේ නිවසක වෙනත් කාන්තාවක් සමග ජීවත් වන්නේය. කුෂානි නානායක්කාර නාවල ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙක් සමග ජීවත්වන්නීය.

ප්‍රස්තුත ග්‍රීන් ලංකා ගොඩනැගිල්ල  පිහිටි ඉඩම කුෂානි නානයක්කාරට අයත් එකක් බව කියැවිනි. රාජු රාධා එම භූමියේ ග්‍රීන් ලංකා ටවර්  ගොඩනැගිල්ල ඉදි කර තිබිණි. දේපලේ සමස්ථ වත්කම තිබුනේ කුෂානි නානායක්කාරටය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වාර්තාවන පරිදි මෙම ගොඩනැගිල්ල   රාජු රාධාගේ දික්කසාද බිරිය වූ කුෂානි විසින් මර්කන්ටයිල් බැංකුවට  උකස් කර රුපියල් කෝටි 80ක් ලබාගෙන වසර ගණනක  සිට බදු ගෙවීම පැහැර හැර තිබිණි.

ඇය වාරික ගෙවා තිබුණේ එක් අවුරුද්දක් තුළ පමණි.  මේ හේතුවෙන් මර්කන්ටයිල් බැංකුව අලුත්කඩේ දිසා අධිකරණයේ MR 30/2017  යටතේ නඩුවක් ගොනු කළේය.

මේ වන විටද එම නඩුව  විභාග වෙමින් ඇත.

ග්‍රීන් ලංකා ටවර් ගොඩනැගිල්ලේ 04, 06 සහ 07 මහල්හි රාජු රාධා ආයතන 11ක් පවත්වාගෙන ගියේය. එම ආයතනවලින් 07ක අධ්‍යක්ෂවරයා රාජු රාධාය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මේ වනවිට   රැකියාව   කරන   08 වන මහලේ කොටසක පිහිටි ආර්.ඩබ්ලියු. පාර්ට්නර් නැමති නිතිඥ සහය ලබා දෙන ආයතනයද පිහිටා තිබුණේ එම ගොඩනැගිල්ලේය. .

මර්කන්ටයිල්   ආයතනය  විසින් යෙදවූ පුද්ගලයින්  මෙම ගොඩනැගිල්ලේ හය, හත මහල්වලට   පෙරේදා (03) රාත්‍රි 10.45 සිට ඇතුළුවන්නේ කාලයක් තිස්සේ පැවති මේ ගැටුමේ එක් පියවරක් ලෙසය.

මුලින්ම පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එයට ඇතුළු වී තිබේ. ඉන්පසුව ඊයේ (04) පාන්දර 1.00ට පමණ පනහකට ආසන්න ප්‍රමාණයක් එම ගොඩනැගිල්ලේ 2, 4,  6 හා 7 වැනි මහල්වලට නැවත ඇතුළුවී  තිබේ.

පසුව, ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව  ඊයේ (04) අලුයම් කාලයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණ ගොඩනැගිල්ලට ඇතුළුවූ පිරිස ඉවතට ගෙන ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

එම අවස්ථාවේදී ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප බැඳුම්කර මත  මුදාහැරි බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කීවේය.

එසේම මේ ගොඩනැගිල්ලේ අයිතිය කියන කල්බදු සමාගමක් වන මර්කන්ටයිල් ආයතනයේ  නිලධාරීන්ගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත. මේ වනවිට මූල්‍ය සමාගම සහ රාජු රාධා පාර්ශවයන් විසින් සමාදාන වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් පුද්ගලික පරිශ්‍රයකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා ලද කණ්ඩායම ලබන 12 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව කොම්පඤ්ඤවීදිය පොලීසිය කියයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීල් තබා ඇති මහනුවර මානව හිමිකම් කාර්යාලය හෙට විවෘත නොකළහොත් එය ඉදිරිපිට මාරක උපවාසයක් කරනවා…

Next Post

කුඩු ගිල්ල මුල්ගම්පොල අක්කා අසාධ්‍යව මහනුවර රෝහලේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.