ඉන්දීය ජාතිකයකු වන රාජු රාධා නැමැත්තා විසින් බලහත්කාරයෙන් රැඳී සිටින බව කියන කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට පනස් දෙනෙකුගෙන් පමණ යුක්ත කණ්ඩායමක් පෙරේදා (03) රාත්‍රියේ සිට ඇතුළු වී එහි බලය අත්පත් කරගැනීමට උත්සාහ කර තිබුණේ මෙම දේපල මර්කන්ටයිල් බැංකුව වෙත කෝටි 80කට උකස් තැබීමෙන් අනතුරුව එම කල්බදු වාරිකය එක් වසරක් පමණක් ගෙවා ගණනක් තිස්සේ බදු ගෙවීම පැහැර හැර තිබීම නිසා බවත් මේ වනවිට දෙපාර්ශවය එක් වී සිද්ධිය සමථයකට පත්කරගෙන ඇති බවත් වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ග්‍රීන් ලංකා ටවර් ගොඩනැගිල්ල තිබෙන්නේ නවම් මාවතේ අංක 46/46 දරන තැනය. එය නව මහල් ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල වත්කමක් ලෙස පැවතියේ ඉන්දීය ජාතිකයෙක්වන රාජු රාධා විවාහ වී සිටි ශ්‍රී ලාංකික කාන්තාව වන කුෂානි නානායක්කාරටය.
රාජු රාධා හා විවාහ වී සිටි කුෂානි නානායක්කාර මීට අවුරුදු 18කට පෙර ඔහුගෙන් දික්කසාද වුනාය. එම විවාහයෙන් ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් වූහ. මේ වනවිට රාජු රාධා කොළඹ 07 බුලස් පාරේ නිවසක වෙනත් කාන්තාවක් සමග ජීවත් වන්නේය. කුෂානි නානායක්කාර නාවල ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙක් සමග ජීවත්වන්නීය.
ප්‍රස්තුත ග්‍රීන් ලංකා ගොඩනැගිල්ල පිහිටි ඉඩම කුෂානි නානයක්කාරට අයත් එකක් බව කියැවිනි. රාජු රාධා එම භූමියේ ග්‍රීන් ලංකා ටවර් ගොඩනැගිල්ල ඉදි කර තිබිණි. දේපලේ සමස්ථ වත්කම තිබුනේ කුෂානි නානායක්කාරටය.
වාර්තාවන පරිදි මෙම ගොඩනැගිල්ල රාජු රාධාගේ දික්කසාද බිරිය වූ කුෂානි විසින් මර්කන්ටයිල් බැංකුවට උකස් කර රුපියල් කෝටි 80ක් ලබාගෙන වසර ගණනක සිට බදු ගෙවීම පැහැර හැර තිබිණි.
ඇය වාරික ගෙවා තිබුණේ එක් අවුරුද්දක් තුළ පමණි. මේ හේතුවෙන් මර්කන්ටයිල් බැංකුව අලුත්කඩේ දිසා අධිකරණයේ MR 30/2017 යටතේ නඩුවක් ගොනු කළේය.
මේ වන විටද එම නඩුව විභාග වෙමින් ඇත.
ග්‍රීන් ලංකා ටවර් ගොඩනැගිල්ලේ 04, 06 සහ 07 මහල්හි රාජු රාධා ආයතන 11ක් පවත්වාගෙන ගියේය. එම ආයතනවලින් 07ක අධ්‍යක්ෂවරයා රාජු රාධාය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මේ වනවිට රැකියාව කරන 08 වන මහලේ කොටසක පිහිටි ආර්.ඩබ්ලියු. පාර්ට්නර් නැමති නිතිඥ සහය ලබා දෙන ආයතනයද පිහිටා තිබුණේ එම ගොඩනැගිල්ලේය. .
මර්කන්ටයිල් ආයතනය විසින් යෙදවූ පුද්ගලයින් මෙම ගොඩනැගිල්ලේ හය, හත මහල්වලට පෙරේදා (03) රාත්‍රි 10.45 සිට ඇතුළුවන්නේ කාලයක් තිස්සේ පැවති මේ ගැටුමේ එක් පියවරක් ලෙසය.
මුලින්ම පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එයට ඇතුළු වී තිබේ. ඉන්පසුව ඊයේ (04) පාන්දර 1.00ට පමණ පනහකට ආසන්න ප්‍රමාණයක් එම ගොඩනැගිල්ලේ 2, 4, 6 හා 7 වැනි මහල්වලට නැවත ඇතුළුවී තිබේ.
පසුව, ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (04) අලුයම් කාලයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණ ගොඩනැගිල්ලට ඇතුළුවූ පිරිස ඉවතට ගෙන ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.
එම අවස්ථාවේදී ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප බැඳුම්කර මත මුදාහැරි බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කීවේය.
එසේම මේ ගොඩනැගිල්ලේ අයිතිය කියන කල්බදු සමාගමක් වන මර්කන්ටයිල් ආයතනයේ නිලධාරීන්ගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත. මේ වනවිට මූල්‍ය සමාගම සහ රාජු රාධා පාර්ශවයන් විසින් සමාදාන වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් පුද්ගලික පරිශ්‍රයකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනා ලද කණ්ඩායම ලබන 12 වැනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව කොම්පඤ්ඤවීදිය පොලීසිය කියයි.