පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ඇල්ල ගජනැග්ගම ප්‍රදේශයේදී අද (17) සිදු වූ රිය අනතුරකින් තිදෙනෙක් මරණයට පත්ව ඇතැයි නාගොල්ලාගම පොලිසිය පවසයි. කාර් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අසල සියඹලා ගසක ගැටීමෙන් අද උදේ 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
රිය පදවා ඇත්තේ 45 හැවිරිදි නීතිඥවරියකි. අනතුරින් රියෙහි ගමන්ගත් පස් දෙනෙක් බරපතල තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කරනවිටත් නීතිඥවරියගේ මව පියා සහ පුතා ජිවිතක්ෂයට පත්ව සිට ඇත. අනතුරින් මිය ගියේ ගියේ ඩබ්ලිව් එම් ආදිත්‍ය මනුල (04), ඩබ්ලිව් එම් සුනන්ද වර්ණකුලසූරිය(71) , ඩබ්ලිව් එම් ලීලාවතී (70) යන තිදෙනාය.
රිය පැදවූ නීතිඥවරිය සහ ඇයගේ තවත් ඥාතිවරියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා වාරියපොල රෝහලින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර ඇතැයි නාගොල්ලාගම පොලිසියේ රථවාහන අංශය වැඩිදුරටත් පවසයි.
මෘත ශරීර වාරියපොල රෝහලේ මේ වනවිට තැන්පත් කර ඇත.
අනතුරට ලක් වී ඇත්තේ රථයේ ගමන් කර ඇත්තේ අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ පදිංචි එකම පවුලක පිරිසකි.
තුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නාගොල්ලාගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (30704) අනුර, පොලිස් කොස්තාපල්(67736) බාලසූරිය , යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.







