කීර්ති ප්‍රනාන්දු –
අද (17) රාත්‍රී 9.00 සිට බලපැවැත්වෙන පරිදි ඛණ්ජතෙල් සිල්ලර මිල අඩු වී තිබේ.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 40කින් ද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද අඩු වී තිබේ.
ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල 370ක් වන අතර සුදු ඩීසල් ලීටරයක මිල 415ක් වේ.
ඔක්ටේන් 95, සුපිරි ඩීසල්, භූමිතෙල් සහ කාර්මික භූමිතෙල්වල මිලෙහි වෙනසක් වන්නේ නැත.
ඒ පිළිබදව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








