කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපති වූ බව සැබෑය. එහෙත් දාරක ස්නේහය ගලා යන සංවේදී අවස්ථා අත්හැර දැමීමට මනුෂ්‍යයෙකුට හැකියාවක් නැත.
ගොඨාභාය රාජපක්ෂ ආදරණීය සීයා සිය කුළුඳුල් මිණිබිරිය දැක තිබුණේ නැත. මේ දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික වැඩ කන්දරාවක් අතරේ ඔහුට මේ මානුෂික බැඳීම් මගහරින්නට සිදු වී තිබිණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීමට අමරිකාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල කටයුතු හමාර වී ලද ඉසිඹුවක දී සිය පුතනුවන් ලේලිය සහ කුළුඳුල් මිනිබිරිය දකින්නට ගියේය.
එම සොඳුරු මානුෂික සංවේදනාවන් ඔහු සිය මුහුණුපොතේ සටහන් කළේය. මේ ගෝඨාභය සීයා සිය කිරිකැටි මිනිබිරිය සමග ගත කළ මොහොතය.