ජාත්‍යන්තර ශ්‍රී ලාංකික සන්නාමයක් වෙමින් ඇති යොවුන් ගායිකා යොහානි ද සිල්වා යුද අපරාධ කාරයෙකුගේ දියණියක් බවත්, ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද අපරාධකරුවෙක් බවත් කියමින් ඇයට එරෙහිව විරෝධයක් ගොඩ නැගීම සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින ආකාරය වාර්තා වේ.
මෙම අන්තවාදී කණ්ඩායම් ට්විටර් සහ ෆේස්බුක් ප්‍රකාශ මගින් ප්‍රචාරය කරමින් සිටින්නේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිට ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊලාම් දෙමළ ජනතාව සහාය පල නොකළ යුතු බවය.
එක් ට්විටර් පණිවිඩයක දක්වා තිබුනේ යුද අපරාධකරුවෙකුගේ දියණියක වන යොහානිගේ ජනපි‍්‍රයතාවය බරපතළ ප‍්‍රශ්නයක් බවය
කොටි හිතවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසා බවත්, ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ සහ කේරළයේ මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනපි‍්‍රය වී ඇති නිසා බවත් යැයි මාධ්‍ය වාර්තාවල පල වේ.