අද (23) උදෑසන සීදූව කොටුගොඩ ප්‍රදේශයේදී 39 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
ඝාතනයට ලක් වී ඇත්තේ රද්දොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රියදුරකු වන ඔහු කොටුගොඩ සීදුව මාර්ගයේ යතුරුපැදියකින් පැමිණ මාර්ගය අසල නැවතී සිටයදී තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් පිස‍්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වුනේ යැයි පොලිසිය පවසයි.
මීට ලකට පෙර පස් පොඩ්ඩා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු ඝාතනය කිරීමට අදාළ ව ඔත්තු බැලූ බවට චෝදනා ලබමින් ඔහු වරක් අත්අඩංගුවටද ගෙන ඇති අතර වෙනත් අපරාධ සිදු කළ අයකු බවට තොරකුරු හෙළි ව නැත. ඉහත ඝාතනයට ඔත්තු බැලීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම කළ බවට පොලිසිය සැක කරන අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් සීදුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







