සිරිල් ගාමිණි පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ තමා පොලිස් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලමිනි.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් 2019 වසරේ පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරන ලදී.







