පූර්ණ එන්නත්කරණය තහවුරු කරන කොවිඩ් මර්ධන එන්නත් කාඩ්පත සමග එන බැතිමතුන් සඳහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමේ ඉඩකඩ බාධාවකින් තොරව ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
ශ්‍රී පාද වන්දනා සමය සෑම වසකරම උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වී ඊලඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා ක්‍රියාත්මක වේ.
කොවිඩ් වසංගතයත් සමග පසුගිය දෙවසර තුළ බැතිමතුන්ට සිරිපා වන්දනාව සඳහා අවස්ථාව සැලසුනේ නැත.