ගෑස් කාන්දුවීම් සහ පිපිරීම් ආශ්‍රිත මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුව විසින් සම්පාදනය කරන ලද විශේෂඥ මත ඇතුලත් වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද භාරදීමට නියමිතයි.
මොරටුව විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ශාන්ත වල්පොළගේ මාධ්‍යයට කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ගෑස් සාම්පල 12 ක සංයුතිය සහ ඒ සම්බන්ධයෙන් සිය මතය අදාළ වාර්තාවට ඇතුළත් කර ඇති බවයි.
ගෑස් සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යශ උපදේශක කාරක සභා රැස්වීමක් පාරිභෝගික කටයුතු අධිකාරිය ඇතුළු පාර්ශව රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (12) උදෑසන 09ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.