අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්ලට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන්  අර්ථසාධක අරමුදලත් සහ බැංකු පද්ධතිය අනතුරේ! – එරාන් වික්‍රමරත්න…

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහ ශ්‍රි ලංකාවට ණය ලබා දුන් විදේශීය ණය දෙන ආයතන සමඟ ඇති කර ගත් එකඟතාවන්ට අනුව ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය විදේශීය  ණය ප්‍රතිව්‍යුහගතකරණයට පෙර සිදු කිරීමට මේ වනවිට යෝජනා වී ඇති බවත් එහිදී මෙරට බැංකු පද්ධතිය සහ සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනවල ස්ථාවරත්වයට බලපෑ හැකි බැවින් එහිදී කළ යුතු නොකළ යුතු ද් පිළිබඳව රජය දැඩි වගකීමකින්   ක්‍රියා කළ  යුතුව ඇති බවත්  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න  පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ අද (25)  පෙරවරුවේ සිරස නාළිකාවේ පැතිකඩ සංවාදය සමඟ එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා විදේශීය ආයතන ණය ලබා දීමත් දේශීය බැංකු රජයට ණය ලබා දීමත් වෙනස්ම තත්ත්ව දෙකක් බවත් පෙන්වා දුන් අතර විශේෂයෙන් ලබා දුන් ණය කප්පාදුකරණයකට ලක් කළ හොත් මෙම බැංකු සහ ශ්‍රි  ලංකාවේ විශ්‍රාමිකයන් වෙනුවෙන් පවතින විශාලතම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදලෙහි ස්ථාවරත්වයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවූ මන්ත්‍රිවරයාවරයා  දේශීය ණය ප්‍රතිව්‍යූහතකරණයේදී විශේෂයෙන් ණය කප්පාදු කිරීමකට ලක් කිරීමට කිසිසේත් එකඟ නොවිය යුතු බව අවධාරණය කළේය.

“   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට  අපි 16 වතාවක් ගිහින් තිබෙනවා. නමුත් මේ පසුගිය හැම වතාවකම අපි ගනුදෙනු කළේ එම අරමුදල එක්ක පමණයි. මෙවර අපට  ණය දුන්නු අය එක්කත් ගනුදෙනු කරන්න වෙනවා. මේක නුහුරු පොඩි “එල් බෝඩ්“ ගතියක්  වගේ පේනවා.

ශ්‍රි ලංකාව  පළමු වතාවටයි මෙවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්නේ. නමුත්  සමහර රටවල්වලට මේ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රි ලංකාව කොනකට තල්ලු වෙනවා.  ශ්‍රි ලංකාවට ණය දුන් විදේශීය ණය හිමියන් අප තල්ලු කර තිබෙන්නේ මුලින්ම දේහීය ණය ප්‍රතිව්‍යූගතකරණය කරන්න ඕන කියල. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“සාමාන්‍යයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට ඊට අදාල ක්‍රම තුනක් භාවිත වෙනවා. එකක් ණය ගෙවීමේ කාලය  කාලය ටිකක් වැඩි කර ගැනීම අනෙක  පොලිය අඩු කර දීම. තුන්වැනි එක ගෙවිය යුතු මූලික මුදල අඩු කර ගැනීම . “

“මම මුල ඉඳන්ම කියල කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කරනවා නම් අපිට මේව කරනන් බැහැ. විශේෂයෙන් ණය මුදල කප්පාදු කිරීම නැතිනම් හෙයාර් කට් කිරීම කරන්න බැහැ  ඊට හේතුව රුපියල්වලින් බැලුවම මුදල්වල වටිනාකම අඩුවෙලා තිබෙන්නේ .උද්ධමනයේ ඉහළ යාමත් සමඟ රුපියලේ අගය පහළ ගිහින්. මෙම ණය මුදල් අඩු කරන් ගියොත් දේශීය ව ණය ලබා දුන් ණය හිමියන් අර්බුදයකට යනවා.

විශේෂයෙන් ශ්‍රි ලංකාවේ ප්‍රධාන බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව අපි ආරක්ෂා කළ යුතුයි. ඒවා දැනට ස්ථාවරව පවතිනවා. මේ ස්ථාවරත්වය රැක ගක යුතුයි. සේවක අර්ථ සාධඛ අරමුදල මේ රටේ විශ්‍රාමිකයන් වෙනුවෙන් පවතින විශාලතම අරමුදල. එය තවදුරටත් සථාවරව පැවතිය යුතුයි. මේ නිසා මම නැවතත් කියන්නේ රජය කිසිසේත් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී මෙම ණය කප්පාදු කරණයකට ලක් කළ යුතු නෑ.

එවැනි දෙයක් වුණොත් සිදුවන්නේ එක් ප්‍රශ්නයක් විසඳන්න ගිහින් තවත් ප්‍රශ්නයක් අලුතින් නිර්මාණය කිරීමක්“ යයිද එරාන් වික්‍රමරත්න   පෙන්වා දුන්නේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගල කරුවන් අත්පත් කරගත් ජනපති මැදුර සහ ලේකම් කාර්යාලයේ රහසිගත ප්‍රදේශත් අනාවරණය වෙලා…. ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා රජ මැදුරු පාර්ලිමේන්තුව අසලට…

Next Post

අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.