මාස හයක කාලයක් සඳහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් භාවිතයට අවස්ථාව සලසා දීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
රජය විසින් ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් සියලුම ආකාරයේ කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බලපෑම් ඇතිවීමත්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමත් සැලකිල්ලට ගෙන 2022/23 මහ කන්නයේ වගාව සඳහා අවශ්‍ය මුලු ග්ලයිෆොසෙට් ප්‍රමාණය ගෙන්වීමට මෙසේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.