විශාල සමුදු සහ පාරිසරික දූෂණයක් සිදු කරමින් පසුගිය වසරේ මැයි මාසයේ දී කොළඹ වරාය ආශ්‍රිතව ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ වන්දි ලබා ගැනීමට අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි ලෙස ගන්නේ නම් එම අනතුරට අදාළ වන්දිය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වන්දියක් ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ පවසයි.
එම වන්දි මුදල ලබා ගත හැකි නම් එය දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල මෙන් කිහිප ගුණයක් වනු ඇති බවත් මේ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග සඳහා රජයට තවත් ඉතිරිව ඇත්තේ මාස 08ක පමණ කාලයක් බවත් ඔහු පෙන්වා දෙයි.
ලංකාසර කළ විමසීමකදී මේ පිළිබඳව අදහස් දැක්වු හේමන්ත විතානගේ ශ්‍රි ලංකාව ආශ්‍රිත මුහුදේ සිදුවූ විශාලතම පරිසර හානියක් ගෙන දුන් නෞකා අනතුර මෙය බව සඳහන් කළ අතර එහි ප්‍රතිඵල ශ්‍රි ලංකාව ඇතුළු අවට සාගර කලාපයට තවත් වසර 500ක් වත් යන තෙක් බලපෑ හැකි බවට විද්‍යාඥයින් අනුමාන කරන බව සඳහන් කළේය.
එවැනි විශාල අනතුරකට ලක් වූ මෙම නෞකාවට අදාල වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය ට සම්බන්ධ රජයේ පාර්ශ්ව කඩිනමින් ක්‍රියාත්මක වන බවත් නොපෙනන බවත් එය කඩිනම් කරවීමට අදාළ ව ආයතන පණ ගැන්වීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් යුතුව කඩිනම් කාර්ය සාධක බලකායක් හෝ ඊට සමාන කමිටුවක් වහා ස්ථාපිත කළ යුතුව ඇති බවද හේමන්ත විතානගේ පෙන්වා දෙයි.
එහිදී තවදුරටත් අදහස් දක්වන හේමන්ත විතානගේ මෙසේ ද පැවසීය.
“ මෙම නෞකාවේ රසායනික දුව්‍ය විශාල ප්‍රමාණයක් පැවතුණා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් නව දහසකට ආසන්න ප්‍රමාණයක් තිබුණා. එහෙත් මේ ප්ලාස්ටික්වලින් දැනට මුහුදු තීරවලින් එකතු කරගෙන තිබෙන්නේ ටොන් 2500කට ආසන්න ප්‍රමාණයක්. එය සමස්ත තොගයෙන් සියයට 40කට කිට්ටු ප්‍රමාණයක්. ඉතිරිය අපේ රට අවට මුහුදේ වගේම ඉන්දීය සාගරය පුරා මේ වනවිට විසිර තිබෙනවා.
එහි බලපෑම ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, අන්දමන් දූපත් පුදේශ දක්වා මේ වනවිට ව්‍යාප්ත වී ඇති බවට අනුමාන කරනවා. මීට සාපේක්ෂව මීට වඩා අඩු බලපෑමක් සහිත නෞකා අනතුරක් මුරුසිය ආශ්‍රිත මුහුදේ සිදුවුණා. ඒ සඳහා මුරුසි රජය මේ වනවිට ඩොලර් බිලියන 10ක වන්දියක් ඉල්ලා ඊට අදාළ පියවර ගෙන තිබෙනවා.
අපේ රටේත් සිදුවූ මෙම අනතුර හේතුවෙන් වන්දි ලෙස අඩුම තරමින් මේ හා සමාන මුදලක් හෝ ලැබිය යුතුයි. නමුත් ඊට අදාළ නෛතික ක්‍රියාවලියට අපට තවත් ඉතිරිව ඇත්තේ මාස 08ක පමණ කාලයක්. හේතුව මෙම නැව අනතුරට ලක් වුණේ 2021 වසරේ මැයි මාසයේ. එම කාලයෙන් පසුව වසර දෙකක් ඇතුළත ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන වන්දිය ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා තව ඉතිරිව ඇත්තේ මාස 08ක පමණ කාලයක්.
මේ වනවිට මේ අනතුර සහ සිදුවූ හානි සම්බන්ධයෙන් සමුද්‍ර පරිසර දූණන අධිකාරිය විසින් වාර්තාවක් සකස් කර තිබෙන බව පැවසෙනවා. අධිකරණ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අප දන්නා තරමින් කමිටු පහක් පත් කළා. නමුත් මෙම වන්දිය ලබා ගැනීමට අදාල නිශ්චිත වැඩපිළිවෙළකට තවමත් ශ්‍රි ලංකාවේ බලධාරීන් කටයුතු කර නැහැ.
අඩුම තරමේ ඊළඟ මාස කිහිපයේ හෝ මීට අදාළ කටයුතු සීඝ්‍ර කළහොත් අපට මේ වන්දි හිමිකම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා මම විශ්වාස කරන්නේ ඉතා කෙටි කලක් තුළ ඊට අදාල ක්‍රියාමාර්ග ගත හැකි කඩිනම් ජනාධිපති කාර්ය සාධක බලකායක් හො එවැනි කමිටුවක් පත් කිරීමයි.“
ඔහු තවදුරටත් සඳහන් කලේය.