බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සැහැල්ලු දුම්රිය නතර කළ හේතුව රජය දනී අපි නොදනී”

හිටපු ඇමති චම්පික ජපන් අගමැතිට කණගාටුව පළ කරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2024 වසර වනවිට පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව දියත් කළ කඩුවෙල සිට කොළඹ දක්වා වන සැහල්ලු දුම්රිය ව්‍යාපෘතිය හදිසියේ නතර කළ හේතුව දන්නේ වර්තමාන රජය පමණක්ම බවත් මේ තීරණය නිසා ජපන් රජයට සහ ජපාන ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දියත් කිරීමේ වගකීම භාරව සිටි අමාත්‍යවරයා ලෙස තමන් අතිශයින් කණගාටුවට පත් වන බව සඳහන් කරමින් හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ජපන් නව අග්‍රාමාත්‍ය යොෂිහිදේ සුගා මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේ වෙයි

2020 ඔක්තෝම්බර් මස 12 වනදා

අතිගරු යොෂිහිදේ සුගා මහතා,
ජපානයේ අග්‍රාමාත්‍ය

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජපානයේ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක කෙරෙමින් පැවති සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නතර කිරීම සම්බන්ධයෙනි.

මම පළමුව ඔබතුමාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් උණුසුම් සුභාශිංසන පිරිනමමි.

වගකීම් සහගත ජනතා නායකයෙකු වශයෙන් සහ ජපන් මූල්‍ය සහයෝගීතාවය මත ඉදිකිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ (LRT) ආරම්හකයා මෙන්ම එම ව්‍යාපෘතිය භාරව ක්‍රියාකල ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයා වශයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ ක්ෂේත්‍රය උදෙසා මෙතෙක් සිදුකල වඩාත් ඉහළම බලපෑම් සහගත, උපායමාර්ගික වශයෙන් විචක්ෂණශිලී සහ මූල්‍ය වශයෙන් වඩාත්ම ලාභදායක ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජනතාවට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ කණගාටුව ඔබතුමන් වෙත පළකරමි.

ශ්‍රී ලංකාව ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින රථවාහන තදබදය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටියි. 2016 වර්ශයේදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව අප රටෙහි ප්‍රවාහනය වෙනුවෙන් දරන්නා වූ ජාතික පිරිවැය සීග්‍රයෙන් ඉහළ යමින් පවති. එය දළ දේශීය නිශ්පාදිතයෙන් 12%ක තරම් වූ ඉහළ අගයක් පසුකරමින් ඉතා දරුණු අර්බුදයක් දෙසට ගමන් කරමින් සිටින අතර 1990 දශකයේදී ආසියාවේ බොහෝ ආර්ථිකයන් මුහුණදුන් ආකාරයේ දරුණු ආර්ථික පසුබෑමකට හේතුවිය හැකි කරුණක් බවට පත්වෙමින් තිබේ. මෙම තත්වයට පිලියමක් සෙවීම පිණිස ජපානයේ ජයිකා(JICA) ආයතනයේ මූල්‍ය දායකත්වය මත 2008 – 2012 වර්ශයන්හීදි සිදුකල සමීක්ෂණයකට අනුව බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය (BRT), බස් නව්‍යකරණ වැඩපිළිවෙල, දුම්රිය විදුලියෙන් ධාවනය වන ආකාරයට නවීකරණය කිරීම, දුම්රිය ද්විත්ව මාර්ග සංවර්ධනය සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීම යන සමෝධානික උපායමාර්ගික වැඩපිළිවෙලක් යෝජනා කරන ලදි.

පසුව ජපානයේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥයින් එක්ව 2015-2016 වර්ශයන්හිදී “කොම්ට්රාන්ස්” නාගරික ප්‍රවාහන ප්‍රධාන සැලසුම ප්‍රකාරව සිදුකල ගැඹුරු අධ්‍යයනයකින් පසුව සැහැල්ලු දුම්රිය ව්යාපෘතිය (LRT) උපායමාර්ගික වශයෙන් වඩාත්ම වාසිදායක ව්‍යාපෘතිය ලෙස හදුනාගන්නා ලදි. ආරම්භයේදී සැහැල්ලු දුම්රිය මාර්ගයන් ඉදිකල යුතු නාගරික කලාපයන් හතක් හදුනාගනු ලැබූ අතර පසුව එය කලාප 4ක් දක්වා සම්පින්ඩනය කරනු ලැබීය. ඒ අතරින් කොළඹ කොටුව සහ කඩුවෙල දක්වා වූ මාර්ගය ඉදිකිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවට තීරණය විය. ජපානයේ ජයිකා ආයතනය(JICA) මෙම ව්‍යාපෘතිය සදහා 0.1%ක ඉතාම වාසිදායක වාර්ශික පොලී අනුපාතයක් යටතේ අරමුදල් සැපයීමට ඉදිරිපත් වූ අතර ව්‍යාපෘතියේ උපදේශණ සේවා වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම සදහා වූ වාර්ශික පොළී අනුපාතය 0.01% තරම් කුඩා අගයක් විය. ඒසේම ණය ගෙවීම සදහා වසර 14ක සහන කාලයක් සේම වසර 40ක් තරම් දිර්ඝ ණය ගෙවීමේ කාලසීමාවක් ලබාදෙන ලදි. පසුගිය දශකයක කාලසීමාවේදී ශ්‍රී ලංකා රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා දියත්කල ව්‍යාපෘති වෙනුවෙන් මූල්‍යමය සහය ලබාගැනීම සදහා 6%-7% වැනි ඉහළ පොළී අනුපාතයන් යටතේ වාණිජ ණය ලබාගත් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක ව්‍යාපෘතියක් විය.

ශ්‍රී ලංකා රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යෘංශයේ සහ ජපානයේ ජයිකා ආයතනයේ සහයෝගීතාවය මත වසර දෙකක කාලයක් තුලදී සියලූම ශක්‍යතා අධ්‍යයන, ණය ගිවිසුම් සකස් කිරීම සහ ව්‍යාපෘති ආරම්භය කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබුනු අතර එය ජයිකා ආධාර යටතේ ලෝකයේ සිදුකල වේගවත්ම ව්‍යාපෘති ආරම්භය ලෙස සැලකේ. 2024 වනවිටදී පැයකට මගීන් 30,000කට සේවය සපයමින් කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථය සහිතව මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නමුත් වර්තමාන රජය විසින් හදිසියේම මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කර ඇති අතර ඊට හේතු කවරේද යන්න දැනුවත්ව ඇත්තේ ඔවුන්ම පමණි.

ජපානය පසුගිය වසර 70 පුරාම ශ්‍රී ලංකාවේ හොද මිත්‍රයෙකු විය. ජපානය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන සහකරු බවට පත්වූ අතර අන්තර්ජාතික වශයෙන් අනිසි දේශපාලනික හෝ ආර්ථික බලපෑම්වලින් තොරව එම සහාය අපවෙත ලබාදෙන ලදි. දෙරටේ ජනතාව සෑම විටකදීම පාහේ එකිනෙකා කෙරෙහි ඉතාමත් ඉහළ මිත්‍රශීලීභාවයක් සහ ගෞරවයක් පවත්වාගෙන යන ලදි. එවන් තත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය නතර කිරීම සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ජපාන රජයට සහ එහි ජනතාවට යම් හෝ අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරමි. දෙරට අතර වූ අනොන්ය සහයෝගීතාවය සහ දෙරටේ ජනතාව අතර වූ දැඩි මිත්‍රශීලීභාවය මෙම සිදුවීමෙන් පළුදු නොවී දීර්ඝ කාලීනව පවතිනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

මෙයට හිතවත්,

පාඨලී චම්පික රණවක – පා.ම

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියගිය හඳුන් දිවියෙක් තේ වත්තකින් හමුවෙයි

Next Post

මහනුවර දී සල්ලි කොල්ල කෑ පොලිස් නිලධාරියා ඇතුළු තුනක් අල්ලයි

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.