සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර දී සල්ලි කොල්ල කෑ පොලිස් නිලධාරියා ඇතුළු තුනක් අල්ලයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වැලකීමට නම් මුදල් ලබාදෙන ලෙස බලපෑම් කරමින් රුපියල් 64000කට ආසන්න මුදලක් කොල්ල කෑ බව කියන පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීමට මුහුණ දුන්නේ මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර මහනුවර උසස් බාලිකා විදුහල අසලදී මෙම පුද්ගලයා පැහැර ගෙන ගොස් පහර දි මුදල් කොල්ල කෑ බවට චෝදනා ලත් මෙම පොලිස් නිළධාරියා හැටන් පොලිස් කොට්ඨාශයට අනුයුක්ත අයෙකි.

වාර්තා වන පරිදි පසුගිය 15 වැනිදා මෙම පුද්ගලයා මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසළ දී අදාල පොලිස් නිලධාරියා ඇතුළු පිරිස කෞතුක භාණ්ඩ කොල්ලයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට අවශ්‍යය බව පවසා ත්‍රිරෝද රථයකට නංවාගෙන බලගොල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇත. එහිදී අතපය බැඳ පහරදී තම මුදල් කොල්ල කෑ බව ඔහු පොලිසියට පවසා තිබේ.

ඒ මොහොතේ ඔහු සතුව තිබූ රුපියල් 4500.00 ක මුදලක් පැහැරගන ගැනීමෙන් පසු ඔහුගේ ඒ.ටී.එම් කාඩ්පත උපයෝගි කරගනිමින් සැකකරුවන් රුපියල් 60000.00 ක මුදලක්ද ලබාගත් බව ද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිදුවීමට මුහුණ දුන් පුද්ගලයා ම මහනුවර මූලස්ථාන පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ සැකකරුවන් තිදෙනා හා ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය මෙන්ම පැහැරගත් බව කියන මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් බලගොල්ල, මාවනැල්ල හා මැණික්හින්න ප්‍රදේශවල පදංචිකරුවෝ වෙති.සැකකරුවන් සියලු දෙනා කෞතුක වස්තු ජාවාරමකට සම්බන්ධ වූවන් බව හෙළිව තිබේ.මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජය සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත, උප පොලිස් පරීක්ෂක ලයනල්,පොලිස් සැරයන් 19629 හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් 6942 මහින්ද, පොලිස් සැරයන් 56718 තෙන්නකෝන්, පොලිස් සැරයන් 64760 ක්‍රිෂ්ණමුර්ති යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් ත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් මෙම මස 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සැහැල්ලු දුම්රිය නතර කළ හේතුව රජය දනී අපි නොදනී”

Next Post

අගරදගුරු හිමියන් කෙරෙහි ද්වේෂය උපදවන වීඩියෝවක් මුදා හළ කතක් අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.