බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැලොන් දොර වහන්න ද තාත්තගෙන් ඇහුවා… තාත්තා හා කිව්වා… ඊට පස්සේ සැලොන් දොර වැහුවා… නාමල් කියයි!

තවත් ඉවසන්නේ නෑ… පැන්නොත් පැන්නෙන නීතියකුත්  ගේනවා…

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කිසිදු දේශපාලනඥයෙකුට වරදාන වරප්‍රසාදවලට  පක්ෂ මාරුකරන්න බැරි නීතියක් පාර්ලිමේන්තුවට ගෙනඑන බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ   ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ   ඊයේ (17) ගාල්ලේ දි පැවසිය.

ගාල්ල, ක්‍රිඩාංගනය අසල පැවති ජනරැළියක් අමතමින් නාමල් රාජපක්ෂ  මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

අපේ පක්ෂයේ වැඩිපුරම වරප්‍රසා දගත්තු අය තමයි වැඩිපුරම කලකිරිලා තියෙන්නේ. වැඩිපුරම වරප්‍රසාදගත්තු ඉහළ ලොකු අය තමයි ඉස්සෙල්ලාම ගියේ.  ඊට පස්සේ ගත්තු අය ඊලඟට ගියා. මම තාත්තාගෙන් අවසරගත්තා  සැලුන්දොර වහන්න.  

අපේ සැලුන් දොර වහනවා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ නීතියක් ගෙනවා  කිසිදු දේශපාලනඥයෙකුට වරදාන වරප්‍රසාදවලට  පක්ෂ මාරුකරන්න බැරි නීතියක්.  එම නිතිය පාර්ලිමේන්තුවට ගෙනවා.  අපි ඒක කරණවා. ඒ වගකීම  මට තියෙනවා. අපි ප්‍රතිප්ති පාවලා දෙන්නේ නැහැ. ඡන්දදායකයින්  පවා දෙන්නේ නැහැ.

මේ රට ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට  පත්කිරිම අපේ ඉල්ක්කයයි. ඒ  ඉලක්කයට අපි යමු.  මිනිස්සු පොහොසත් කරමු. පොහොසත් මිනිසුන් ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරණවා. 

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

අපි වැඩකරපු දේශපාලන බලවේගයක්. අපි කථාවට පමණක් සීමාවු බලවේගයක් නෙවෙයි. මාතෘ භුමියේ හැම බිම්අඟලකටම වටිනාකමක් දිපු අය. එක පැත්තකින් ත්‍රස්තවාදය අවසන් කළා නිදහස දුන්නා. අනික් පැත්තෙන් රට සංවර්ධනය කළා. අධිවේගි මාර්ගය හදනකොට ඇසුවා අධිවේගි මාර්ග හදන්නේ කන්නද කියලා. ලංකාව ඊළග වසර දහය තුළ  ආසියාවේ වෙගවත්ම සංවර්ධනය වනරට බවට පත්වෙනවිට  ආසියාවේ වෙගවත්ම සංවර්ධනය වන නගරයක් බවට ගාල්ල නගරය පත්කරනවා.  

පසුගිය කාලයේ අපි අභියෝගවලට මුහුණ දුන්නා. අපේ පාක්ෂිකයින්ට එලව එලවා පහර  දුන්නා. නමුත් අපි පාක්ෂිකයින් අත්හැරලා ගියේ නැහැ. විපක්ෂය කියන්නට පටන්ගත්තා නාමල් ඇතුළු අපේ කණ්ඩායම හැංගිලා ඉන්නවා කියලා. අපි කවදාවත් හැංගුණේ නැහැ. අපි හැංගෙන්නේ නැහැ. අපිව හංගවන්නත් බැහැ. යම් කිසි කෙනෙක් හිතනවානම් අපිව භය කරලා හංගන්න පුළුවන් කියලා එක වැරදිලා. අපි  මඩ ගහන්නේ නැහැ. අපි බනින්නේ නැහැ. අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අපි සියලු දෙනාම ප්‍රතිපත්තියක් එක්ක කටයුතු කරන්නේ. අපිට රට හැදිමට සැලැස්මක් තියෙනවා. අපිට අනිකාගේ ඕපදුප මේ වේදිකාව තුල කථා කලා කියලා ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.‍ෙ

අපි ආදරයෙන් ගෞරවයෙන් ඒ අයගෙන් ඉල්ලිමක් කරනවා. අපි වැඩපිළිවෙළක් ඉදිරිපත්කරලා  ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවිට  අපේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය නිවට  බවක් කියා අවතක්සේරු කරන්න එපා  අපි අවංකව දේශපාලනය කරන්නේ.  අනික් අය වරදාන වරප්‍රසාදවලට ගන්න පුළුවන්. පොහොට්ටුවේ පාක්ෂිකයා මුදල්වලට ගන්න බැහැ.

පුලුවන් කියන නායකයා ගාලු කොටුවත් විකුණයි… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ –

  “දකුණේ ජනතාව කියන්නේ අපේ මිනිස්සු. අපේ මිනිසුන්ට කථා කරන්න දෙයක් නැහැ කියලා තමයි මම හිතන්නේ. රටට හතුරකුම් කරණ අය පරාජය කිරිමේ ජාතික වගකිමක්  අපි ඔක්කොටම තියෙනවා. එක පැත්තකින් විදේශිය බලවේග ඔවුන්ට අවශ්‍ය නායකයා බලයට ගෙන එමේ වැඩ ආරම්භ කරලා තියෙනවා. ඇතැම් නායකයින් ඔවුන්ගේ   රූකඩ බවට පත්වෙලා තියෙනවා. “

“රට අනතුරේ දමන මේ කුමන්ත්‍රණය අපි පරාජය කළයුතුයි. රටේ ව්‍යස්ථාව වෙනස් කරන්න රට බෙදන්න ඉල්ලනවාද? මම හිතන්නේ නැහැ එහෙම කවුරුවත් ඉල්ලනවා කියලා. නාමල් එක්ක තරග කරණ ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම  රට බෙදන ව්‍යස්ථා ගෙනවා කියලා  ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කරලා තියෙනවා.  රට අවුලක් කරන්න හදන්නේ. බංගලිදේශයට වෙච්චිදේ කරන්න හදන්නේ. අපි හදපු ඩොලර් බිලියන 85 ආර්ථිකය තමයි තවම තියෙන්නේ.  පුළුවන් කියන නායකයා පුළුවන් නම් ගාලු කොටුවත් විකුණාවි. උස නම් සිකුරටි මිටිනම් කම්කරු කියපු නායකයින්ද ඉන්නවා.  රාජපක්ෂලා හොරු කියලා ජප කරනවා. මොකක්ද දන්නේ නැහැ  ඒ අයගෙන් රාජපක්ෂලා හොරකම් කරලා තියෙන්නේ. හොරු හොරු කියලා ලෝකය වටේ ගිහින් ඒ අය අපේ ගිණුම් බැලුවා. දැන් ඒ බොරුවම කියවා කියවා යනවා. “

“අපේ අනාගත දේශපාලනඥයින්ගෙන්ඉල්ලිමක් කරණවා අවංකව ජනතාවට සේවය කරන්න. බොරු චෝදනා කරන විට නිහඬ වෙලා ඉන්න එපා. අවශ්‍ය නිතිමය පියවර ගන්න. මේ අභියෝගය ජයගන්න පුළුවන් නායකයා නාමල්”    හිටපු ජනාධිපතිවරයා පැවසිය.

 මෙම ජන රැළිය අමතා හිටපු රාජ්‍ය ඇමති  මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඉසුරු දොඩංගොඩ, ජානක තිස්සකුට්ටිආරච්චි, ඩි.විරසිංහ, යන මහත්වරුන්ද කථා කළහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් යලි ජනපති කරන්න හිතන හිමිවරු ජනපති වටකරගෙන පිරිත් දෙසති!

Next Post

යාපනය අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමට එරෙහි විරෝධයක්…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.