බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැඟවුන ඉතිහාසයක ප්‍රභාව විහිදුවන මාතොට රජමහ විහාරය…

by editor
ජූලි 8, 2023
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය–
කල්‍යාණි විජේසුන්දර –

මන්නාරම නගර නාමය ඇසුණු සැනින් සිතේ මැවෙන්නේ ගිනියම් කතරකි. කර්කශ ප්‍රදේශයකි. එවන් කර්කශ පරිසරයක ගස්වැල්වලින් අලංකෘත මාතොට රජමහා විහාර භූමියේ බෝධි රාජයාණන්‌ගේ පත්වලින් නැගෙන සිලිසිලිය ගතට සිසිල දෙයි. නෙතට සුන්දර දසුනකි.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ද්‍රවිඩ ජනතාව  බහුලව ජීවත් වෙන මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 89 දරණ මාන්තේ බටහිර ග්‍රාම නිලධාරි වසමේ තිරුකේතීෂ්වරම් ග්‍රාමයේ පිහිටි ඓතිහාසික මාතොට රජමහ විහාරය මෙරට බෞද්ධ ඉතිහාසයේ ‌‌‌පෞරාණික ස්ථානයකි. 1995 වසරේ දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීව වැඩ සිට අපවත් වී වදාළ ඇතිනිමලේ ශ්‍රී ගුණරතන ස්වාමින් වහන්සේගේ දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේවරයෙකු වූ පූජ්‍ය අඹගහවැව සංඝරක්ඛිත මාහිමියන්  දහසක් කරදර බාධක හමුවේ මෙම ස්ථානයේ ‌ ඓතිහාසික උරුමයට යළි පණ පොවමින් විහාරස්ථානයක් ඉදිකර තිබිණි.

ජනප්‍රවාද

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර ඇත්තේ මේ ස්ථානයෙන් බව ජනප‍්‍රවාදයේ සඳහන් බවත් මේ සම්බන්ධව ප්‍රාමාණික ලිඛිත සාක්‍ෂියක් තවම නැති මුත් මෙම පුවත හුදෙක් ජනප‍්‍රවාදයේ පවතින කතාවක් යැයි සරලව බැහැර කළ නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

මාතොට වරාය හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඒ් පිළිබද ජනප්‍රවාදවල සහ ඓතිහාසික මූලාශ්‍රයවල සදහන් වේ. විජය රජතුමාගේ බිසෝ තනතුර වෙනුවෙන් මදුරා පුරයෙන් පැමිණි විජායි කුමරිය ඇතුළු කණ්ඩායම මෙම ස්ථානයට ගොඩ බැස නවාතැන් ගත් බවට ජනප‍්‍රවාදයක් පවතී. ඒ් පිළිබද ‘මෙසේම බොහෝ කන්‍යාවන් ලැබ ඒ් කුලයන් සතප්පා සැපයූ සර්වාලංකාර ඇති පිරිස් සහිත දියණියන් හා සුදුසු පරිද්දෙන් ලබන ලද සත්කාර ඇති ඒ් සියලු කන්‍යාවන්ද රාජාර්භ වූ හස්ත්‍යශ්ව රථපෙෂ්‍ය කාරකයන්ද අටළොස් ශිල්පි සමූහයන්ගෙන් කුල දහසක්ද සතුරන් දිනූ විජය රජහට ලියමන් දී එවූයේය. එහෙයින්ම ඒ් පටුන මහතොට යයි ‘කියනු ලැබේ (7 පරි. 56-58 ගාථා)  මහාවංශයේ සදහන් වේ.

‘තථාගතයන් වහන්සේ ඒ් බෝධිය රැගෙන පිහිටුවන පිණිස අභය නම් රජහට දුන් සේක. පෘථිවීශ්වර තෙම මහාතීර්ථ නම් වූ උයනෙහි ඒ් බෝධිය පිහිටුවූයේය.” (මහාවංශය. 15පරි. 82-83 ගාථා). සංඝමිත්තා තෙරණිය සමග ශ්‍රී මහා බෝධින් වහන්සේ බාරව පැමිණි බෝධිගුප්ත කුමාරයාගෙන් දෙවනපෑතිස් රජු මෙම ප්‍රදේශයේ බෝධින් වහන්සේ තැන්පත් කර විවේක ගන්නට සැලැස්වීමට අවසර ගත් බවත් මල්වතු විහාර පාර්ශ්වයේ. මෙම ප්‍රදේශය ‘මාන්තෝට්ටම” යනුවෙන් හැදින්වූ බවත් විහාරාධිපති හිමියෝ පවසා සිටියහ. උන්වහන්සේට අනුව අනුරාධපුර වැඩ හිදින ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ මුල්වරට ලංකාද්වීපයේ වැඩ සිට ඇත්තේ මාන්තෝට්ටම නමින් අතීතයේ හැදින්වූ වර්තමාන මාතොට පුරාණ රජමහා විහාරය පිහිටි ස්ථානයේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයේ තැන්පත් කළ පසු බෝධියෙන් පැන නැගි බෝ පැළ අටක් අෂ්ටඵල රුහ බෝධින් වහන්සේ යනුවෙන් හදුන්වති. ඒ් බෝධින් වහන්සේ අට මෙම බෝධින් වහන්සේ ප්‍රතිෂ්ඨාපනය කළ උත්සවයට සම්බන්ධ වූ ප්‍රදේශවලට යැවූ බව ‘ඒ් දාඨික මහා යෝධයාණෝ නැව් නැගි මහා ජල්ලික මහා ග්‍රාමය නම් කෙවුල්ගම්හි එක් ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් පිහිටියේය.” යනුවෙන් පුරාණ බෝධිවංශයේ සදහන් වේ.

සිංහල සාහිත්‍යයෙහි සහ ශිලාලේඛනවල මහවොටි, මහපුටු, මහවුටු, මවතුතොට, මහපටන, මාතොට යනුවෙන් මෙම ප්‍රදේශය හදුන්වා ඇති බව සී ඩබ් නිකලස් ‘පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ‌ ඓතිහාසික ස්ථාන විස්තරය (88 පිටුව) කෘතියේ සදහන් කරයි.

විහාරාධිපති ස්වාමින් වහන්සේ මෙම විහාරය ගොඩ නැගීමේ අදහස ඇති වූ ආකාරය සහ මේ දක්වා පැමිණි දුෂ්කර ගමන පිළිබද දැක්වූ අදහස් මෙසේ සාරාංශ කළ හැකිය.

රන්වැටෙන් ආරක්ෂා කර ඇති පුරාණ බෝධිය…

වර්තමානය තෙක් පැමිණි දුෂ්කර ගමන

2009 වර්ෂයේදී උන්වහන්සේ අනුරාධපුර රුවන්මැලි සෑ විහාරයේ වැඩ සිටියහ. එකල පැවති බිහිසුණ යුද්ධය වෙනුවෙන් රටවාසීන්ට සෙත් පතා පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑ බිමෙහි දොළොස්මහේ පිරිත් පින්කමක් පවත්වන ලදී. ඒ පින්කමේදී මූලිකත්වය ගත් උන්වහන්සේ අඛණ්ඩව දිවා රෑ පිරිත් සජ්ඣායන කරමින් රුවන්මැලි සෑය අබියස තමන්ට නිවී සැනසිල්ලේ වැඩ වාසය කිරීමට සුදුසු සිද්ධස්ථානයක් ලබා ගැනීමට ප්‍රාර්ථනාවක් සිදු කළහ. අවසානයේ උතුරු ප්‍රදේශයට වැඩම කිරීමට තීරණය කළහ. ඒ් අනුව යතුරු පැදියක වාඩි වී විල්පත්තු කැලය මැදින් කිලෝමීටර් 85ක් දුර ගෙවා තන්තිරිමලය මහවිලච්චිය වැවෙන් මුහුණ සෝදාගෙන පන්සලක් සොයාගෙන උතුරු ප්‍රදේශයට වැඩමකළහ.

අනතුරුව උන්වහන්සේ බෝ ගසක් ඇති ස්ථානයක් පිළිබද හමුදා සෙබලුන්ගෙන් අසා දැනගනිමින් කතෝලික ජාතිකයෙකුගේ උපකාරයෙන් මාතොට මෙම බෝධින් වහන්සේ අසලට වැඩම කරන ලදී. එවකට රූස්ස කැලෑවක්ව පැවති මන්නාරම ප‍්‍රදේශයේ මෙම ස්ථානයේ බෝධීන් වහන්සේ අබියස පැදුරක් මත වැඩ සිටි බවත් එවිට දැනුන සැහැල්ලුව තමා සුවපත් කළ බවත් පැවසූ උන් වහන්සේ මෙම පුණ්‍ය භූමිය අතහැර නොයෑමට තීරණය කර ඇත.

හමුදා සහය

එවකට හමුදාවේද   සහයෝගය ඇතිව බෝධි මළුවෙහි කුටියක් නිර්මාණය කරවා ගෙන ක්‍රමයෙන් මෙම ‌‌ඓතිහාසික ස්ථානයේ විහාරයක් ඉදිකිරීම ආරම්භ කර ඇත. එකදු සිංහල පවුලක්වත් ජීවත් නොවුණ ත්‍රස්තවාදි උවදුරු පැවති මේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉදිකිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවන්නට ඇත. එහෙත් හමුදා සාමාජිකයන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සහ සැදැහැවතුන්ගේ ආධාරයෙන් ක්‍රමක්‍රමයෙන් විහාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. 2012 වර්ෂයේ ජනවාරි මාසයේ 18 වන දින පෞරාණික විහාරස්ථානයක් ලියාපදිංචි කරන පුරාණ දේවාල ගම්පනතට අනුයුක්තව බුද්ධශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි විහාරයක් බවට පත් කරන ලදී.

පුරාණ මාතොට විහාරයට ඉඩම් අක්කර එකසීය දහනවයක් (119) පමණ තිබූ බවත් උන්වහන්සේ පැවසූහ. එහෙත් පසුකාලීනව අන්‍ය ආගමික සිද්ධාස්ථාන ඉදිකිරීමට, නිවාස ඉදිකිරීමට මෙම ඉඩම් වෙන් කර ගෙන ඇති බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෙනරත් දිසානායකගේ කාලයේ මායිම් කණු යොදා අක්කර විසිපහක පමණ ප්‍රදේශයක් පුරාවිද්‍යා අධිරක්‍ෂිතයක්  ලෙස ලබා දුන් බවත් දැනගන්නට ලැබිණ.

නමුත් වර්තමානය වන විට මේ භූමිය අක්කර 10කටත් වඩා අඩු ප්‍රමාණයකට ශේෂ වී ඇති බවත් උන්වහන්සේ  පැවසූහ. විහාර භූමිය නීත්‍යනුකූලව මාතොට විහාරයේ නමට පවරා ගැනීමට උන්වහන්සේ බොහෝ සේ වෙහෙස මහන්සි වූ බව කියා සිටියහ.

පසුගිය සමයේ උතුරු වසන්තය සංවර්ධන ක‍්‍රියාදාමයට අනුව විහාර භූමිය මැදින් පාරක් කැපීමේදී බොහෝ පුරාවස්තුවලට හානි සිදු වී ඇති බවත් දැනගන්නට ලැබිණි.

බෝධි ප්‍රාකාරයටමුල් ගල තැබූ අවස්ථාව…

කච්චේරි ටැම් ලිපිය

වර්තමානයේ බෝධින් වහන්සේ අසල තැන්පත් කර ඇති බුදු පිළිමයක බඳ කොටස, බෝධිසත්ව ප‍්‍රතිමාවක උඩුකය කොටස, ගල් පුවරු, මැටි බඳුන් ආදිය එසේ විනාශ වූ පුරාවස්තු නටබුන්ය. තවද කාසි වර්ග විශාල සංඛ්‍යාවක් සහ පොලොන්නරු යුගයට අයත් ටැම් ලිපියක කොටසක් සොයාගත් බවත් පවසා සිටි උන්වහන්සේ බුදුපිළිම වහන්සේලා පන්සීයක් තැන්පත් කර සිදු කළ පූජාවක් සහ යම් ජයග‍්‍රහණයක් සම්බන්ධයෙන් එම ටැම් ලිපියේ තොරතුරු සඳහන් වී ඇති බවත් පැවසූහ.

එංගලන්තයෙන් මෙරටට පැමිණි පුරාවිද්‍යා විශේෂඥවරියක වන මාර්තා පිගට්   මෙම විහාර භූමියේ කැණීම් සිදුකර තවත් විශාල ටැම් ලිපියක් සොයා ගෙන ඇත. මන්නාරම කච්චේරියේ තැන්පත් කර තිබූ මෙම ටැම් ලිපිය ‘කච්චේරි ටැම් ලිපිය” යනුවෙන් ප්‍රසිද්ධියට පත් වී ඇත. වර්තමානයේ වව්නියා කෞතුකාගාරයට ගියහොත් එම ටැම්ලිපිය දැකගත හැකි බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

නෙත් සිත් පැහැර ගන්නා බෝධීන් වහන්සේ

මෙම විහාරස්ථානය වෙත පැමිණෙන සියලු දෙනාගේම නෙත් සිත් පැහැර ගන්නා  විහාරස්ථානයේ සුවිශේෂම අංගය පරිවාර බෝධීන් වහන්සේ පිරිවරාගත් බෝධීන් වහන්සේය. 2015 වර්ෂයේ ආරම්භ කළ බෝධි ප්‍රාකාරය සදහා මුල්ගල තබන ලද්දේ එල්.පී.මේරි නෝනා උපාසිකා මාතාව විසිනි. සැදැහැවතුන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් බෝධීන් වහන්සේ වටා ඉදිවී ඇති බුදු පිළිම වහන්සේලාගෙන් සහ රන් වැටේ දීප්තියෙන් විහාර භූමියට පමණක් නොව ප‍්‍රදේශයටම ආලෝකය විහිදුවයි. විහාරයට යන ප‍්‍රධාන මාර්ගය, බෝධි මළුවට සහ විසල් ඝණ්ඨාර කුලුන විහාර භූමියේ සුන්දරත්වය තව තවත් ඔපවත් කරන්නේය.

විහාරයේ සියලු සංවර්ධන කටයුතුවලට මූල්‍යමය දායකත්වය දෙස් විදෙස් සැදැහැවතුන් විසින් ලබා දෙන ලද බවත් උන්වහන්සේ පැවසූහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

(ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර දාහතර වසරක් සපිරෙන 2023 ජූලි මස 03වන අධි ඇසළ පොහෝ දින බෝධි ප්‍රාකාරය සම්බුදු සසුන වෙත පූජා කිරීමේ පින්කමට සහභාගි වීමෙන් අනතුරුව අඹගහවැව සංඝරක්ඛිත නාහිමියන්ගේ අදහස් දැක්වීම ආශ්‍රයෙන්   මෙම ලිපිය සකස් කරන ලදී.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේක් හවුසියට සහ ජ්‍යේෂඨ ක්‍රීඩා මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වාරණයක් ගනී…

Next Post

අක්ෂි රෝහලේ දී දෙදරු මව මිය ගිය පසු ඇය සඳහා භාවිතා කළ නිර්වින්දන ඖෂධ ඛාණ්ඩය රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.