අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ස්විස් චොක්ලට් කැබැල්ලක සැඟවුණු මිහිපිට ඇති මිහිරිම රස…

by editor
සැප්තැම්බර් 30, 2020
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර

ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –

ස්විට්සර්ලන්ත ජනාධිපතිවරිය සීමෝ නෙත්තා සම්රැගා මීට වසර කිහිපයකට පෙර අමාත්‍යවරියක ලෙස කර්මාන්ත ශාලාට පැමිණි අවස්ථාව

ලෝක කම්කරු දිනය ස්විට්සර්ලන්තයට නිවාඩු දිනයක් නොවේ. එහෙත් එදින කිසියම් වූ පළාතක කර්මාන්ත ශාලාවක් නැරඹීමට යාම ස්විට්සර්ලන්ත අමාත්‍යවරයෙකු ගේ සිරිතකි. සංකේතාත්මකව එම දිනය සැමරීම මෙම සංචාරයේ අරමුණ වේ. මේ වසරේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරිය ලෙස කටයුතු කරන සීමෝ නෙත්තා සම්රැගා මහත්මිය, මීට වසර කිහිපයකට පෙර අමාත්‍යවරියක ලෙස කටයුතු කළ අවධියේ ඒ සඳහා තෝරා ගත්තේ අප ජීවත් වන ග්ලාරුස් පළාතේ කර්මාන්ත ශාලාවකි. ඒය එසේ මෙසේ කර්මාන්ත ශාලාවක් නොවේ. කටට කෙළ උනන, ලෝකයේම ප්‍රසිද්ධ ස්විට්සර්ලන්තයේ පළමු පෙළේ චොකලට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි .

විවිධ ආකෘතියේ ස්විස් චොක්ලට්

ස්විට්සර්ලන්තය කියූ සැනින් බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ මිල අධික ඔරලෝසු හා රසවත් චොකලට්ය. ස්විස් ඔරලෝසුවක පැළඳීමට සෑම කෙනෙකුටම අවස්ථාව නොලැබෙන්නෙ ඒවා මිල අධික බැවිනි. එහෙත් බොහෝ පිරිසකට ස්විස් චොක්ලට්වල රසවිඳීම  එතරම් අපහසු නොවේ. ලෝකයේ ඉස්තරම්ම චොකලට් නිෂ්පාදනය කරන ස්විට්සර්ලන්තයේ ලෙදරක් කර්මාන්ත ශාලාව විශිෂ්ඨයින් අතර විශිෂ්ටතමයා ලෙස හැඳින්වීමේ වරදක් නැත.  එම කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ අපගේ නිවසේ සිට විනාඩි 10 කින් ළඟා විය හැකි ස්ථානයකය.
චොකලට් වලින් ස්විට්සර්ලන්තය ලෝකේ මුල්පෙළේ සිටියත් ඊට අවශ්‍ය කොකෝවා මෙරට වැවෙන්නේ නැත. කොකෝවා වැවෙන රටවල් ලෙස සැලකෙන්නේ බටහිර අප්‍රිකානු හා මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල්ය. කෙලින්ම ගස් වලින් කපා ගන්නා වර්ණවත් කොකෝවා ගෙඩි ස්විට්සර්ලන්තයට ගෙන්වනු ලැබේ. වසරකට දෙවරක් අතින් නෙළා ගන්නා මෙම ඵලදාව ඉස්තරම්ම ප්‍රමිතියකින් යුතුව ස්විට්සර්ලන්තයට ගෙන්වීම ස්විස් චොකලටි විශිෂ්ටත්වට  තවත් එක් හේතුවකි. ස්විස් චොකලට් ලෝකයේ රසවත්ම චොකලට් බවට පත්වූයේ අද ඊයේ නොවේ. ස්විස් චොකලට් වල සාර්ථකත්වයට බලපාන ප්‍රධාන කරුණු අතර එකක් වන්නේ එහි ඉතිහාසය 1819දක්වා දිවෙන බැවිනි .
ස්විට්සර්ලන්තය චොකලට් නිෂ්පාදනය කළ මුල්ම රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර 18 වන සියවසේ මුල් භාගයේ දී ලෝක ප්‍රසිද්ධියක් උසුලන ජිනීවා පළාතේදී මෙම කර්මාන්තය ආරම්භ විය.
ඒ වකවානුවේ චොකලට් නිෂ්පාදනය සඳහා කිරි මිශ්‍ර කිරීමක් සිදු නොවිණි. කිරි මිශ්‍ර චොක්ලට් සංයෝගයෙන් චොක්ලට් නිශ්පාදනය ආරම්භ වන්නේ වර්ෂ 1975දී . මෙම තීරණය ස්විස් චොකලට් ලෝකයේ මුල් පෙළේ චොකලට් බවට පත් වීමට බලපෑවේය . විද්වතුන් සලකන්නේ එම තීරණය ලෝකයේ චොකලට් නිෂ්පාදනය උඩුයටිකුරු කිරීමට පමණක් නොව එහි සංවර්ධනය වෙනත් මානයකට ගෙන යාමට හේතු වූ බවයි .

චොක්ලට් නිශ්පාදන අවස්ථාවක්

ස්විස් චොකලට් හි සාර්ථකත්වයට බලපෑ තවත් හේතුවක් වන්නේ එහි ආකෘතියේ ඇති වෙනසයි. එහි මටසිලිටු හා දියර සහිත ගති ලක්ෂණ චොකලට් ඉතිහාසය වෙනස් කළේය .
Rodolphe Lindt විසින් 1879 දි ප්‍රථම වරට චොකලට් සඳහා පේටන් බලපත්‍රයක් හිමි කර ගත්තේය. ලෝක ප්‍රසිද්ධ ස්විස් චොකලට් වර්ගයක් වන ලින්ඩ්ත් Lindt හී නිර්මාතෘවරයා ඔහු වන අතර ඔහුගේ ප්‍රථම කර්මාන්තශාලාව ස්විස් අගනුවර වන බර්න් හි ස්ථාපිත කෙරිණි.
ලෝකයේ බොහෝ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාහි සාර්ථකත්වයට සාම්ප්‍රදායික වට්ටෝරු හා ක්‍රම බලපාන බව රහසක් නොවේ. එහෙත් ස්විස් චොකලට් නිෂ්පාදකයින්ගේ ඇති විශේෂත්වය වන්නේ ඔවුන් මෙම සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් නව තාක්ෂණය සමග සැමවිටම ඉදිරියට යෑමය. එය බොහෝවිට ඉතා කුඩා වෙනසකි. නමුත් ඉන් ඇති කරන බලපෑම ඉතා විශාලය. ස්විස් චොකලට් නිෂ්පාදනය කරන්නේ උසස් ගණයේ අමුද්‍රව්‍ය යොදාගෙනය. එම චොකලට් කැබැල්ලක් දිවට ගෙන දෙන රසය මිහිපිට ඇති මිහිරිම රසයන්ගෙන් එකක් වන්නේ ඒ නිසාය.
ස්විට්සර්ලන්තයේ පිහිටි කර්මාන්තශාලා 18කින් නිෂ්පාදනය කරන චොකලට් ලෝකය පුරා අලෙවි කලද පරිභෝජනය අතින් ඉහළම තැන සිටින්නේ ද ස්විස් ජාතිකයින්ය. එක් ස්විස් ජාතිකයකුගේ වාර්ෂික චොකලට් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 12 ක් යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. අප මුලින්ම සඳහන් කළ ලෙදරක් ආයතනය ස්විට්සර්ලන්තයේ අනෙක් චොකලට් නිෂ්පාදකයින් අතර මුල් පෙළේ සිටින්නේ ඔවුන්ගේ චොකලට් නිෂ්පාදන වර්ග පරාසය පුළුල් බැවිනි. ඇතැම් චොකලට් ගුණවත් හා රසවත් ඇටවර්ග යොදා නිෂ්පාදනය කරන අතර තවත් ඒවා ප්‍රණීත පලතුරු කැබලි වලින් නිෂ්පාදනය කෙරේ .
එම චොකලට් වල ඇති තවත් විශේෂත්වයක් වන්නේ විශිෂ්ට ඇසුරුම් කලාවය. එමෙන්ම එක් එක් සෘතු වලට වලට ගැලපෙන ආකාරයට චොකලට් නිෂ්පාදනය කිරීමද ස්විස් හි චොකලට් අලවිය සඳහා බලපාන ප්‍රධාන කරුණකි .

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටානේ ව්‍යාපාරිකයෙකුගෙන් මහදවල් කෝටි 3 ක් කොල්ලකයි

Next Post

සජිත්ට ගල් ගැසූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.