සළුසළ සහ ලක්සල ආයතන ද්විත්වයෙහි සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදනය හේතුවෙන් අද උදෑසන (17) අභාවප්‍රාප්ත වී ඇත.
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද ඒ මහතා දින ගණනාවක් එම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේ සභාපතිවරයා ලෙසින් කටයතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස විශාල සේවයක් කළේය.
එම ආයතනය ලබා ලබන තත්ත්වයට පත් කිරීමට කැපවූ ගුණවර්ධන මහතා රාජ්‍ය සේවකයන්ට මොබිටෙල් සමඟ උපහාර පැකේජයය ලබා දිමට පුරෝගාමී ව කටයුතු කළ පුද්ගලයා ද වෙයි.
කලක් නැගෙනහිර කොළඹ ශ්‍රි ලංකා නිහස් පක්ෂ සංවිධායක ලෙසද කටයුතු කළ ගුණවර්ධන මහතා වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුව ලක්සළ සහ සළුසළ ආයතනවල සභාපතිවරයා ලෙස පත් කෙරිණි.