බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් මාෆියාව මහ මෝල්ලු තුන් හතර දෙනෙක් නඩත්තු කරන දෙයක් නෙමෙයි… සුළු හා මධ්‍ය පරිමාණ ජාවාරම්කරුවොත් ඉන්න මහා ජාලයක්… ගෝඨාට දුන් ලනු නොකන ලෙස සහල් ව්‍යාපාරිකයෝ ඉල්ලති!

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන් කීපදෙනෙක් අත තිබෙන්නක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද සම්බන්ධ ගැඹුරු ජාලයක් බවත් ගෝඨාභය රාජපක්ෂට ලනු දුන් මේ කූට ව්‍යාපාරික පන්තියේ ලනු වත්මන් ජනාධිපතිවරයා නොකනු ඇතැයි විශ්වාස කරන බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය.

වෙළඳපොලේ පවතින සහල් හිඟය මග හැරවීමට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 65,000 ක් අපනයනය කිරීම උත්තරයක් නොවන බව පෙන්වා දෙන මුදිත පෙරේරා මේ සහල්වලින් වැඩි ප්‍රමාණයක් තොග වශයෙන් ගියේ මරදගමුල හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව සහල් ව්‍යාපාරිකයන් අතට යැයි ද අනතුරුව සිදුවූයේ ඇසුරුම් වෙනස් කර ලංකාවේ සහල් ලෙස වැඩි මිලට එම සහල් වෙළෙඳපලට පැමිනීම යැයි ද ඔහු පෙන්වා දුන්නේය. සහල් මිල පාලනයට නව නීති පනවන ලෙසත් සහල් ආනයනයේ දී දැඩි ලෙස සුපරික්ෂාකාරී වී එම සහල් රජයේ සතොස සහ සමූපාකාර ජාලය ඔස්සේ බෙදා හැරීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී අද (20) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මෙසේද පැවසීය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

” පහුගිය යල කන්නයේදී වී ගොවියාට සහල් මෝල් වලින් ලැබුණු යම් මිලක් තිබෙනවා, ඒ වී මිල පදනම් කරගෙන නව සහල් මිලක් පනවන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම වුනොත් එක රැයින් මේ පවතින සහල් හිඟය සහ මිල අඩු වෙනවා. ”

“සහල් ආනයනය කිරීමෙන් වෙළඳපොලේ පවතින මිල පාලනය කරන්න පුළුවන්, සහල් හිඟය පාලනය කරන්න පුළුවන් කියල හිතෙනවානම් ඒක මිත්‍යා මතයක්. 2021 නොවැම්බර් මාසයේ ඉදලා 2022 වසරේ අග භාගය වෙනකන් සහල් ආනයනයක් සිදුකළා. ඒ අවස්ථාවෙදිත් දේශීය සහල් මිල ඉහළ ගියා. දෛනිකව මහබැංකුව නිකුත් කරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සම්බන්ධ වාර්තාවක්. ජනාධිපතිතුමාට බලන්න පුළුවන් 2021 නොවැම්බර් මාසයේ තිබුන සහල් මිල සම්බන්ධ තත්ත්වයන්. ඒ නිසා සහල් ආනයනය කිරීමෙන් සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟය නැති කරන්නත් උත්තරයක් වෙලා නැහැ.”

” කොළඹ වරායෙන් ගොඩබාන ආනයනික සහල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ආවේ මේ සහල් නිෂ්පාදනය කරන රාජධානිය වන පොළොන්නරුවට, අනුරාධපුරයට, දඹුල්ලට, මරදගහමුලට වගේ ප්‍රදේශවලට. ඒ ආපු හාල් ඇසුරුම් මාරු කරලා දේශීය හාල් විදිහට වෙළඳපොලට යවන එක තමයි එදා මෙදා තුළ කළේ. සහල් ආනයනය කිරීමෙන් තොරව දේශීය සහල් වෙළඳපොළ තුළ තබා ගන්නා ගන්නා ක්‍රමවේදයන් පිළිබඳ අප ලිඛිතව ජනාධිපතිවරයාව දැනුවත් කළා.”

“ඒ සහල් ආනයනය කරනවා නම් පුද්ගලික අංශය අවස්ථාව දෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ආයෙත් හාල්වල වලින් මහා පරිමාණ ව්‍යාපාරිකයින් ගසා කන එක විතරයි. ඉන්දියාවෙ, ලංකාවෙ, හාල්වල ලොකු වෙනසක් නැහැ. උත්සව කාලවලදී සහල් හිඟය නැති කරගන්න ජනාධිපතිතුමා කටයුතු කරනවානම්, ඒක පුද්ගලික අංශයට පවරන්න එපා, කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒකට රජය මැදිහත් විය යුතුයි. ඒ වගේම ආනයනය කරන සහල් සතොස, හා සුපිරි වෙළඳසැල් හරහා හෝ සමූපකාර මගින් පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා.”

“එහෙම නැති උනොත් වරායෙන් පොළොන්නරුවට, අනුරාධපුරයට, මරඳගහමුලට එයි. ඒවායේ ඇසුරුම් වෙනස් වෙලා දේශීය හාල් විදිහට වැඩි මිලට වෙළෙඳපොළට යයි. ලංකාවේ කූට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් ඔබතුමාට ලණු දුන්නා. අපි යළිත් අවධාරණය කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමාරුවේ දාපු සහල් ව්‍යාපාරිකයන්ගෙන් ඔබතුමා ප්‍රවේසම් වන්න කියලා. ”

“මේ හාල් මාෆියාව මෙච්චර කල් දුරදිග අරන් ගියේ විශේෂයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් නෙවේ, මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්… ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා”.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, වී තොග සහල් නොකර විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමත්
ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද විශාල වී තොග ප්‍රමාණයක් තබාගෙන ඒවා සහල් නොකර ඉදිරියේදී වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් තබාගෙන සිටීමත් සිදුවන බව මුදිත් පෙරේරා ප්‍රකාශ කළේය.

ලංකාවේ ප්‍රධාන වීමෝල් හිමියන් තිදෙනාට පමණක් ඇඟිලි දික් කිරීමෙන් පලක් නොවන බවත්, මේ පිටුපස සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විශාල ජාලයක් සිටින බවත් මුදිත් පෙ‍රේරා කීවේය.

ජනාධිපතිවරයාට ලනු දුන්නේ ඔය කියන සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් බවත්, ඉදිරියේදී ඉන්දියාවෙන් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 65,000 ද එම මෝල් හිමියන් අතට පත් වුවහොත්, දේශීය සහල් ලෙස පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරීමට උපක්‍රම යොදමින් සිටින බවත් මුදිත් පෙරේරා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ නීති කඩකරමින් පොලිසියට චන්ඩි පාට් දැමූ හරීන් අත් අඩංගුවට…

Next Post

හරීන් ඇප මත මුදාහරී!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.