ඖධවල මිල සියයට 29න් ඉහළ නැංවීමට මිලපාලන කමිටුව අවසර දී ඇත.
මේ අනුව සියලු ආනයනික ඖෂධ නව සංශෝධිත මිල ගණන් යටතේ අලෙවි කළ හැකි බව ඖෂධ නිෂ්පාද, නියමන, හා සැපයීම පිලිබද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සදහන් කරයි.
මේ අනුව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දිකගල්කන්ද සඳහන් කළේ ඖෂධ මිල ඉහළ නැංවීමට රජය කටයුතු නොකළේ නම් ඔසුසැල්වල ඖෂධ රාක්ක හිස්ව පැවතිම අනිවාර්යයෙන්ම සිදු වන්නක් බවය .