සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව විපක්ෂයේ පක්ෂ නායකයින් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ ජාතික සංධානය, සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරු ප්‍රමුඛ පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙක් සාකච්ඡාවට සහභාගී වී නොසිටි අතර සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවා ගැනීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු කරුණු ගණනාවක් සාකච්ඡා කරගනු ලැබ ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට අදාල මූලික කෙටුම්පත මේ වන විටත් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් දැනුම් දී තිබිණි.
මේ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන මූලික වැඩ කටයුතු බොහෝමයක් ඊයේ (08) දින නිමා කරගැනීමට හැකි වූ බව එම අවස්ථාවට සහභාගී වූ පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.







