සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ජාතික ජන බලවේගය අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා සවස පැවැත්වීමට නියමිතව ඇත.
ජාතික ජන බලවේගයේ ප්රධාන පාර්ශවකරුවා ජනතා විමුක්ති පෙරමුණය.
මෙම සාකච්ඡාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත්, මහාචාර්ය හරිනි අමරසූරිය, දේශපාලන මණ්ඩල සභිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටවල, ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
රට තුළ මතුව තිබෙන දේශපාල අස්ථාවරත්වය සහ ඉදිරියේ දී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ ස්ථාවරය මෙහිදී දැනුම් දෙන බව එම පක්ෂයේ ප්රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මේ වනවිට ප්රධාන දේශපාලන පක්ෂ සහ අනෙකුත් පක්ෂ සමග සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව ප්රධාන පක්ෂ සියල්ලම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට මේ වනවිට එකඟත්වය පල කර තිබේ.
නමුත් ජාතික ජන බලවේගය සමග ලබන සතියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මේ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර පසුගිය කාලයේ දී දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවල දී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන සකස් කරන ලද වාර්තාවක් හෙට සඳුදා සියලු දේශපාලන පක්ෂ වෙත යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.