හැටන් රංජිත් රාජපක්ෂ –
මද්දකට හසු වී ගසක් මත සිර වි සිටි කඳුකර කොටියෙක් බේරා ගැනීම සඳහා කළ මෙහෙයුමක් අතර දී අද (07) ජිවිතක්ෂයට පත් වූ බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක පැවසීය.
හැටන් වනරාජා වතු යායට අයත් සමර්හිල් කොටසේ තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු මද්දකට කදුකර කොටියා ඊයේ (06) දින රාත්‍රියේ හසු වි ඇත. මන්දත් සමග කොටියා අසල පිහිටි යුකෙලිප්ටස් ගසක නැග සිටිය දී සතාගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම වනජීවි නිලධාරීන් දියත් කර තිබිණි.
නිලධාරින් උත්සාහ කර තිබුණේ ගස කපා කොටියා බිමට ගැනිමටය. එහෙත් එම අවස්තාවේ ගසෙන් බිමට වැටුණු කොටියා එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වී ඇත.
මද්දට හසු වු කදුකර කොටියා මද්ද ගලවා ගැනීමට ගස මත විශාල උත්සහයක නිරත ව සිටි අවස්තාවේ මද්ද අටවා තිබු කම්බියෙන් උදරය කැපි විශාල ලෙස තුවාල සිදු වි තිබී ඇත.
මියගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණයක් සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ පවසයි.
ලංකාදීප –