ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ ඇගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් හෙට (08) සවස පහට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
මෙහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ මෙතෙක් ඉදිරිපත් කර ඇති අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද විශේෂ වාර්තාවක් සියලුම පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට නියමිතය.
රටේ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය මෙන්ම සර්ව පාක්ෂික ආණඩුව පිහිටුවීම සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇත.
පසුගිය කාලය තුළ රටේ පැවති ඉන්ධන ගෑස් සහ අනෙකුත් අර්බුද විසඳීමට ගෙන ඇති පියවර සහ ඒ සම්බන්ධව අනුගමනය කරන ඉදිරි පියවර පිළිබඳව මෙහිදී අදහස් සහ යෝජනා සහිතව සංවාදයට නියමිතව ඇත.