කිර්ති ප්‍රනාන්දු –
ඇසළ පෙරහර මංගල්‍යය නිමිතිකොට ශ්‍රී දළදා වහන්සේට සිදුකරන ආදිවාසී ඇත්තන්ගේ මී පැණි පූජාව අද (07) පෙරවරුවේ සිදු කෙරිනි.
මේ අවස්ථාවට ආදිවාසී නායක වන්නිලා ඇත්තන් ප්‍රමුඛ 35 දෙනෙකුගෙන් සමන්විත ආදිවාසී කණ්ඩායමක් එක් වී සිටියහ.
ඉතිහාසගත සම්ප්‍රදායක්වන මෙම දළදා වහන්සේ විෂයෙහි කෙරෙන මී පැණි ජූජාව සඳහා මී පැණි එකතු කිරීම ආදිවාසීන්ගේ චාරිත්‍රයකි. දළදා වහන්සේට මී පැණි පූජාව කෙරෙන දිනට දින 08කට පෙර ඔවුහු වන වදිති. අනතුරුව දින හතක් පුරා කැලෑවෙන් පිටතට නොපැමිණ රැඳෙමින් මී වද සොයා කඩා ගෙන පිරිසිදු කර ලබුකැටවලට පුරවති. ඔවුන් කැලෑවෙන් නික්මෙන්නේ මී පැණි පූජාවට පෙර දිනය.
මෙසේ මී සොයා දින 07ක් වනගත වූ ආදිවාසී පිරිස ඊයේ මී පැණිත් රැගෙන කැලෑවෙන් පිටවී දඹාන වැදි ගම්මානයට පැමිණියහ. ඒ මී පැණි රැගෙන වන්නිලා ඇත්තෝ ප්‍රමුඛ ආදිවාසී කණ්ඩායම නුවරට පැමිණ චාරිත්‍රානුකූල මී පැණි පූජාව සිදු කළහ.