යෝජිත අන්තර්වාර පාලන ආණ්ඩුව පිහිටුවීමට කෙරෙන සැලසුමත් සමග පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බල ආධිපත්යම පවතින ආණ්ඩුවට හිමි වීමේ නැඹුරුවක් ගැන අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ ඇගමැතිවරයා සහ ජනාධිපතිවරයා සිටින රජයක් තුළ අන්තර්වාර පාලනයක් සඳහා නිරීක්ෂණ මට්ටමින් හෝ එක්නොවන බවට පාර්ලිමේන්තු ආසන තුනක් සහිත ජාතික ජන බලවේගය සිය ස්ථාවරය පල කර ඇත.
ඊයේ නුවර දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආණ්ඩුව විසුරුවා හැර පිහිටුවන සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ සහාය නොලැබෙන බව ප්‍රකාශ කර තිබිණි.
රජයට එරෙහි විශ්වාසභංගයක් සම්බන්ධයෙන් හෝ ස්ථාවර තීන්දුවක නොසිටි ටී.එන්.ඒ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධව සිය ස්ථාවර මතය පැහැදිලි කර නැත.
මේ වන විට පවතින රජයට සහාය පළ කළ සුළු පක්ෂ 11කින් සමන්විත කණ්ඩායමක් 39කින් සමන්විත ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය රජයට සහාය දැක්වීමෙන් ඉවත් කරගෙන අත.
ඔවුන්ගේ ප්රමුඛ යෝජනාව වී ඇත්තේ, පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම සහ මේ වන විට සමාජයේ උද්ගත ව ඇති ආණ්ඩුවට එරෙහි බරපතළ විරෝධය සමනය කරගැනීම සඳහා ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බව යි.
මේ අතර, රජයේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වහා ම අග්රාමාතය්වරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර රජයක් පිහිටුවන ලෙස බලකරමින් ඇත.
මෙම කණ්ඩායමට ඊයේ දිනයේ තවත් ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පිරිසක් එක් වු අතර ඔවුන්ගේ ද එක ම ඉල්ලීම වන්නේ ද අග්‍රාමත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමය.
ජනාධිපතිවරයා සර්ව පාක්ෂික රජයකට සිය කැමැත්ත ප්‍රකාශ කරමින් සියලු පක්ෂ නායකය වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගනු ලැබුවේ මෙම මන්ත්‍රී කණ්ඩායමත් සමග සාකච්ඡාවකට ද එක් වීමෙන් අනතුරුව යි.
මේ පසුබිමේ දී පාර්ලිමේන්තුව තුළ අන්තර්වාර පාලනය බිහිවනු ඇත්තේ අගමැති මහින්ද රාජජපක්ෂ නැති, එහෙත් ආන්ඩුවෙන් විසිරී ගිය දේශපාලන පක්ෂ යළි එක් වීමෙන් බව එම ආරංචි මාර්ග කියයි.
වාර්තාවන ආකාරයට අන්තර්වාර පාලනයේ අගමැතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ පොහොට්ටුවේම සමාජිකයෙකි. පවතින නෛතික රාමුව තුළ ඔහු අගමැති ධූරයට පත් වන්නේ ජාතික අරමුණක් වෙනුවෙන් පිහිටුවන ජාතික ආණ්ඩුවක් සඳහා වූ අන්තර්වාර පාලන රජයක බැවින් ඔහුගේ පක්ෂ මූලය අග්‍රාමාත්‍ය ධූරයට අදාල වන්නේ නැත.
ඒ සමගම පොහොට්ටුවේ හැටකට ආසන්න කණ්ඩාමක් හිටපු අගමැතිවරයා සමග විපක්ෂයේ අසුන් ගැනීමට ඇති සූදානමක් සම්බන්ධව ද මත පලවෙමින් ඇත.
මේ තත්වය තුළ දැනට පාර්ලිමේන්තු ආසන 47ක් සහිත සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය විපක්ෂයෙන් අයින් වීමටත්, සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමටත් පක්ෂ විපක්ෂ සර්ව බලය සහිතව පොහොට්ටුවේ බලය පාර්ලිමේන්තුව තුළ පැතිරීමටත් ඇති ඉඩ දේශපාලන ක්ෂේත්රයේ සංවාදයට බඳුන් වී ඇත.







