ඉන්දියාව 2021-2022 මූල්‍ය වර්ෂය තුළදී සහල් අපනයනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 10ක් පමණ උපයාගෙන ඇති බව එරට වාණිජ අමාත්‍යංශය අනාවරණය කර තිබේ.
ඉන්දියාව එම කාලය තුළ දී ලෝකයේ සහල් අපනයනයෙන් සියයට 50ක් පමණ සිදුකර තිබීම ද විශේෂත්වයකි.
එමෙන්ම 2021- 2022 මූල්‍ය වර්ෂය තුළ දී ඉන්දියාව, කෘෂිකාර්මික අපනයන මගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා යන වාර්තාගත ආදායමක් උපයාගෙන තිබේ.
ඉන්දියාව ලෝකයේ ආහාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ කෘෂිකාර්මික නිෂ්පාදනය හා අපනයනය අතර සම්බන්ධය වර්ධනය කිරීම, ප්‍රාන්ත රජයන් සහ ගොවීන් අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන සංකල්පය කෙරෙහි යොමු කිරීම සහ අපනයන යටිතල පහසුකම් වර්ධනය කිරීම මෙම ඉහළ ඉලක්කය අත්කර ගැනීමට ප්‍රධාන හේතූන් ලෙස සැළකේ.
මීට පෙර කෟෂිකර්ම ක්ෂේත්රයේ ඉහළම අපනයනය අගය වූ ඩොලර් බිලියන 43 ක් 2013-14 වාර්තා වී තිබිණ.