ඉදිරියේ දී පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන සෑම සුළු පක්ෂයකටම එක් ඇමති ධුරයක් ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ කටයුතු පිළිබඳ ව මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජනාධිපතිරයාගේ උපදෙස් මත පැවැත්වන මෙම සාකච්ඡාවලට දේශපාලන පක්ෂ 12ක් පමණ එක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීම සති දෙකක් ඇතුළත සිදු කිරීම සඳහා කටයුතු යෙදෙමින් පවතින අතර පූර්ණ සහය නොදෙන දේශපාලන පක්ෂවල සිටින සර්ව පාක්ෂික ආණ්ඩුවක සමඟ එක්වීමට කැමැති සාමාජිකයන් ඊට හවුල් කර ගැනීමට නියමිතය.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධුර සම්බන්ධයෙන් තවමත් නිශ්චිත එකඟතාවක් පළ කර නැති අතර ඉදිරි දින කිහිපය තුළ අවසන් එකඟතාව ඇති කර ගැනීමට නියමිත බව මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.
කෙසේ වුවද මේ වනවිට කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ක පමණ සීමාවක රඳවා ගැනීම පිළිබඳව යෝජන වී ඇති බවද සඳහන් වේ.