මාස තුනකට අධික කාලයක් අරගලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු හෙට යළි ආරම්භ කිරීමට නියමිතව ඇත.
ජනධිපති= ලේකම් කාර්යාල අරගලකරුවන් අත්පත් කර ගැනීමෙන් පසු එහි ජනෙල් දොරවල් මෙන්ම භාණ්ඩ ආදියට හානි සිදු කර තිබූ බවත් යළි පිළිසකර කර අවසන් කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
එහි භාණ්ඩවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කළ බවද එම නිලධාරියා සඳහන් කළේය.
ඒ අනුව හෙට සිට එහි සාමාන්‍ය කටයුතු ආරම්භ කරන බව පැවසු එම නිලධාරියා වෙනදාට වඩා වැඩි ආරක්ෂාවක් එහි යොදවා ඇති බවද සඳහන් කළේය.