දිනසේන රතුගමගේ –
සරණාගතයින් වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට බෝට්ටුවකින් ගොස් ඇති තරුණයින් තුන් දෙනෙක් සම්බන්ධයෙන් කළ විමර්ශ්නවලදී එම තරුණයින් තුන් දෙනා අපරාධකරුවන් බවට අනාවරණය වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (05) ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ සිට ධීවර බෝට්ටුවකට මුදල් ගෙවා ඔවුන් ඉන්දියාවට ගොස් ඇති අතර සරණගතභාවය ලබා ගැනීමේ පරීක්ෂණයට පෙනී සිටි අවස්ථාවේදී ඉන්දීය නිලධාරීන් නගන ලද ප්‍රශ්න වලට සෘජු පිළිතුරු ඔවුන්ගෙන් නොලැබුණු නිසා ඔවුන් ගැන යාපනයෙන් තොරතුරු විමසා තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ තරුණයින් තුන් දෙනාගෙන් දෙදෙනෙකුට මත්ද්‍රව්‍ය චෝදනා සහ නිවාස 8 ක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ඇති බවයි.
අනෙක් තරුණයා යාපනයේ ඉලවාලී ප්‍රදේශයේදී සිය පෙම්වතිය බලහත්කාරයෙන් දූෂණය කොට පොලීසියට හොරෙන් කට්ටි පනිමින් සිටි තරුණයෙකි
තව දුරටත් ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් තමිල්නාඩූ පොලිසිය තරුණයින් තුන් දෙනාව පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කරගෙන යයි.
ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන්ව තමිල්නාඩු අධිකරණයක් වෙත ඉදිරිපත් කොට ඒ හරහා ශ්‍රී ලංකාවට ආපසු එවීමට පියවර ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ.







