අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමුහ ඝාතනයෙන් පසු  දේශසීමා තරණය කර යුක්රේනයේ “කියෙව්” නගරයට   එන්නැයි මොස්කව් ප්‍රහාරය සම්බන්ධීකරණය කළ අබිරහස් ත්‍රස්තවාදියා ඝාතකයන්ට උපදෙස් දීලා… රුසියානු ආරක්ෂක අංශ හෙළි කරයි!   

by editor
මාර්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සතියේ මොස්කව් නගරයෙන් පිටත ක්‍රොකස් සිටි ශාලාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා අබිරහස් පුද්ගලයෙකුගෙන් නියෝග ලැබී ඇති බවත් ප්‍රහාරයෙන් පසු යුක්රේනයට පලා යන ලෙස තමන්ට එම අබිරහස් පුද්ගලයාගෙන් උපදෙස් ලැබුණු බවත්  ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ සැක පිට අත් අඩංගුවට ගත්     ප්‍රධාන සැකකරුවන් හෙළි කර ඇතැයි රුසියානු විමර්ශන කමිටුව අද (29)  නිවේදනය කර අතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 

ජීවිත 144 ක් විනාශ කර  200 කට අධික පිරිසක් බරපතල තුවාල සහිතව රෝහල් ගත  කළ මේ බිහිසුණු අපරාධයට සම්බන්ධ පුද්ගලයින් සිවු දෙනෙක්  පසුගිය සෙනසුරාදා යුක්රේන දේශසීමාව ආසන්නයේදී   ආරක්ෂක අංශ විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.  ඔවුන් ටජිකිස්තානයේ ජාතිකයන් ලෙස හඳුනාගෙන ඇති අතර මුලින් නිලධාරීන් මේ සිවු දෙනා හැඳින්වූයේ  “රැඩිකල් ඉස්ලාම්වාදීන්” ලෙස ය.

අත් අඩංගුවට ගත් පුද්ගලයින්ගේ  මූලික සාක්ෂි වලදී සහ පසුව කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් පවසා ඇත්තේ    “අනවර්ථ නාමයකින් තමන්ව හඳුන්වා දුන් පුද්ගලයෙකු”   ප්‍රහාරයේ කටයුතු සම්බන්ධීකරණය කළ බවය.  මෙම පුද්ගලයා සමග සැක කරුවන්    සන්නිවේදනය කර ඇත්තේ  ටෙලිග්‍රාම් හරහා යවන ලද හඬ පණිවිඩ මගින් බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරය සම්බන්ධීකරණය කළ   අපරාධකරු ඝාතකයින්ට උපදෙස් දී ඇත්තේ අපරාධයෙන් පසු රුසියානු යුක්රේන දේශ සීමාව දෙසට හැකි ඉක්මනින් පැමිණ  එය තරණය කර යුක්රේනයේ කියෙව් නගරයට විත් පොරොන්දු වූ මුදල් ලබා ගන්නා ලෙස යැයි රුසියාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය කීවේය.

ඉස්ලාමීය රාජ්‍ය කොරාසන් (ISIS-K) ත්‍රස්තවාදී කණ්ඩායම මෙම සමූහ ඝාතනයේ වගකීම භාරගෙන තිබිණි. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අවධාරනය කර ඇත්තේ මෙම අපරාධයට වගකිව යුතු එකම වරදකරු  ISIS-K    බවත් යුක්රේනය කිසිදු ආකාරයකින් ඊට සම්බන්ධ නැති බවත්ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත්, මොස්කව් තවමත් සැක සහිත ය. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ එෆ්එස්බී සහ විමර්ශන කමිටුවේ ප්‍රධානීන් සියල්ලෝම  අපරාධයට කියෙව්හි මැදිහත්වීම පෙන්වා දෙන බහුවිධ හෝඩුවාවන් ඉදිරිපත් කරති.

විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්   යුක්රේනයේ නිර්දෝෂීභාවය පිළිබඳ බටහිර අවධාරනයම   සැක සහිත බව පැවසුවේය.

බ්‍රහස්පතින්දා විමර්ශන කමිටුව හෙළි කළේ සැකකරුවන් හතර දෙනා යුක්රේනයෙන්  cryptocurrency  ආකාරයෙන් “සැලකිය යුතු මුදල්” ලබාගෙන ඇති බවය.   ප්‍රහාරය සූදානම් කිරීම සඳහා එම අරමුදල් යොදවා ඇති බව ඒජන්සිය පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් තවම චූටියි… දොලවත්ත කියයි!

Next Post

ඉතා වැදගත් තීන්දු කීපයක් ගැනීමට ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්වෙයි… පොහොට්ටුවේ 06ක් ශ්‍රී.ල.නි.ප  හා එක්වීමට සූදානම්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.