නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තව කල් ඇති බවත් ඔහු තමන්ට වඩා අවුරදුරු හතරක් පමණ බාල තරුණයෙක් බවත් ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි.
පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට පත් වි ඇති නිසා වෙනත් දේශපාලන පිමිවලට නොගොස් වැටී වැඩ පෙන්වා වැටී ඇති පක්ෂය ගොඩදැමීමට දැන් ඔහුට අවස්ථාව ලැබී ඇති බවද ඔහු කියයි. ඔහු පවසන්නේ සජිත් ප්‍රේමදාසට ද ජනාධිපති වීම සඳහා තව කල් ඇති බවය.
මේ අවස්ථාවේ දී සුදුසුම දේ සියලන්නම එක් වී රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීම බව දොලේවත්ත පවසයි.
මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට කැමති නම් අපේක්ෂකත්වය සඳහා ඉඩ ලබා දිය යුතු බවය.
“ මම පුද්ගලිකව දරණ මතය මේ ඊට සුදුසු අවස්ථාව නෙමෙයි. ඔහු මටත් වැඩිය බාල තරුණ කෙනෙක්. නාමල් රාජපක්ෂ මහත්තයට තව කල් තියනවා. සජිත් ප්‍රේමදාසටත් ඕන තරම් කල් තියනවා. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් වැඩක් ගන්න පුලුවන් අවසන් අවස්ථාව. ඒ පරම්පාරවේ අවසන් පුරුක. ඒ නිසා මා කියන්නේ පක්ෂ පාට භේද සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහට මේ අවුරුදු කීපය දී ඔක්කොම එකතු වෙලා වැඩ කරමු. “ ඔහු කීවේය.
මේ වනවිට පොහොට්ටුව අභ්‍යන්තරයේ රාජපක්ෂ හිතවාදී කණ්ඩායමට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවත්, රාජපක්ෂ පාලනය යටතේ නාමල්ට වඩා කැපී පෙනෙන්නට ඉඩ නොදී සිටිය දි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ වගකිම් ලැබුණු කාංචන විජේසේකර, රමේෂ් පතිරණ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මෙන්ම ප්‍රසන්න රණතුංග, ප්‍රේමනාත් සී දොලේවත්ත, ඇතුළු පිරිසක් මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂයකයා ලෙස ඉදිරිපත්වීමට පක්ෂය අවස්ථාව ලබා නොදෙන්නේනම් දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනක බව දන්වා ඇතැයි විශ්වාකටයුතු ආරචි මාර්ග හෙළි කළේය.