පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා පොත්ගුල් වෙහෙර වටා තිබු අලි වැට ඉවත් කිරීම නිසා ඊයේ(23) රාත්‍රීයේ වන අලි ගම්වැදී ඇතැයි වාර්තා වේ.
අලි තර්ජනයට ලක්වූයේ, පොලොන්නරුව, පොත්ගුල් පෙදෙස ගම්මානයයි.
පරාක්‍රම සමුද්‍රය රක්ෂිතයේ සිට පැමිණ වන අලි තිදෙනකු ඉවත්කළ අලි වැට තිබූ ස්ථානයෙන් පරාක්‍රමබාහු ප්‍රතිමාව සහිත පොත්ගුල් විහාරයට පැමිණ එය වටකර ඉදිකර තිබූ ආරක්ෂිත දැල කඩා දමා තිබේ.
පොත්ගුල් පෙදෙස ගම්මානයට කඩා වැදුණු වන අලි පොල් වගාවක් ද විනාශ කර ඇත .
සිරස නිවුස් ෆස්ට්