වයස අවුරුදු 20 – 30 අතර රටේ තරුණ ජනගහනයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති ප්‍රතිශතය සියයට 12.6ක් බැවින් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ඉල්ලා සිටියි.
මෙහි පළමු මාත්‍රාව ලබා ගත් තරුණ පිරිස සියයට 41ක් බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා , සියලුම දිස්ත්‍රික්කයන් වෙත එන්නත් නිකුත් කර අවසන් බැවින් දිස්ත්‍රික්කය තුළ අදාල එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි අධ්‍යක්ෂවරයා තරුණ කණ්ඩායමට දැනුම් දී සිටියි.
තම දිස්ත්‍රික්කයේ එන්නත් මධ්‍යස්ථානය වෙත නව එන්නත් පැමිණෙනු ඇතැයි යන්න බලා සිටීමෙන් කිසිදු පලක් නොවන බවද දිවයින පුරා එන්නත් මධ්‍යස්ථාන 420ක් පිහිටුවා තිබෙන බැවින් වහාම තම ප්‍රදේශයේ අදාළ එන්නත් මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත් ලබා ගන්නා ලෙස ද ඔහු පවසා සිටියි.
මීට අමතරව රටේ මුළු ජනගහනයෙන් සියයට 64ක් එක් එන්නත් මාත්‍රාවක් ලබා ගෙන ඇති අතර එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ප්‍රතිශතය සියයට 51.6ක් යැයිද වෛද්‍ය බටුවන්තුඩාව සඳහන් කරයි.