බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්‍රයේ සදාකාලික හිස්තැනක් වනු ඇත… මාලනිය දැයෙන් සමුගන්නා අවසන් මොහොතේ ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියයි!

ජනපතිගේ ශෝක පණිවිඩය අගමැතිනය අවමංගල සභාවට ඉදිරිපත් කරයි...

by editor
මැයි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා   වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක   නිකුත් කළ ශෝක පණිවිඩය අවමංගල සභාව අමතමින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රටේ අගමැතිණිය ආචාර්ය හරිනී අමරසුරිය විසිනි. අද නිදහස් චතුරශ්‍රයේ පැවති මාලනියගේ රාජ්‍ය ගෞරව සහිත අවමංගල උත්සවය අමතා අගමැතිනිය ප්‍රකාශ කළ ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය මෙසේය. 

ශ්‍රී ලාංකීය සිනමා වංශයේ අවිවාදිත “අභිධානයක්” වූ, “නිලි රැජිණ” නම් වදනින් සම්මානිත, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය දැයෙන් සමුගන්නා මෙම සංවේගජනක අවස්ථාවේ මාගේද ආචාරය ඇයට පුදකිරීමට ඔබෙන් අවසර පතමි.

ඇතැම් අහිමිවීම් නැවත පුරවාලිය හැකි ආදේශ සහිත ඒවාය. ඇතැම් ඒවා දුෂ්කරය. එමෙන්ම, ඇතැම් ඒවා යළිත් කිසි දිනක සම්පූර්ණ කළ නොහැකි ඒවාය. සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්‍රයේ සදාකාලික හිස්තැනක් වනු ඇත.

සිනමා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය සහ අසමසම රංගනය යන යන කුසලතා ප්‍රවර්ග, සිනමාව, රූපවාහිණිය හා වේදිකාව යන ත්‍රිවිධ අඩවිවල දශක 06 ක් පුරා දීප්තිමත්ව ද, අඛණ්ඩව ද ආරක්ෂා කර ගැනීම හාස්කමක් බඳු විරල අත්දැකීමකි.

සිනමා රංගන පාසලක් අදටත් නැති ශ්‍රී ලංකාවේ මාලනී ෆොන්සේකා මැතිණිය දිවිය නිමා කරන්නේ සිනමා රංගන විශ්වවිද්‍යාලයක් ලෙසිනි. ඇය පළ කළ අසීමිත ප්‍රතිභාව සම කළ හැක්කේ ඇයටම පමණි. එතුමියට සමීප වන රූපණවේදිනියක බිහිකර ගැනුමට තවත් දශක කිහිපයක් රජයක් ලෙස අප, කැපවීමෙන් වැඩ කළ යුතුව ඇත. දුෂ්කර වුවද මාලිනියට උපහාර දැක්විය හැකි මඟ එයම පමණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මාලනී ෆොන්සේක මහත්මිය මෙලොවට ජන්ම ලාභය ලැබුවේ සුවිශේෂ වර්ෂයකදීය. එනම් 1947 අප්‍රේල් 30 වෙනිදා ය. එය, එක් අතකින් ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබාගැනීමට ආසන්න කාලයකි. අනෙක් අතින් ලංකාවේ පළමු සිනමා නිර්මාණය වූ කඩවුනු පොරොන්දුව තිරගත වුයේත් 1947 ජනවාරි 21 වෙනි දිනයි.

ඇය ඉපදුනේ සාමාන්‍ය පවුලක දැරියක් විදිහට. එකොලොස් දෙනෙකුගෙන් යුක්ති පවුලේ තුන් වෙනියා ලෙසටය. ඇගේ උපන් ගම වූයේ කැලණියයි.

විද්‍යාලංකාර මණ්ඩපයේ හෙවත් වත්මන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමය නිර්මාණය කරන ලද “නොරත රත” නාට්‍යය ඇගේ පළමු වේදිකා නාට්‍යය විය. එවකට ඇගේ වයස අවුරුදු 16 ක් පමණකි. 1965 අවුරුද්දේ “අකල් වැස්ස” නාට්‍යයේ රඟපෑමෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.

මේ නාට්‍යයේ ඇගේ රංගනය දැක තිස්ස ලියනසූරිය මහතා සහ ජෝ අබේවික්‍රම මහතා විසින් ඉදිරියේ දී නිර්මාණය කරන සිය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ඇය තෝරා ගනු ලැබීය. මාලනීගේ පළමු සිනමා නිර්මාණය වන “පුංචි බබා”, 1968 වසරේ දී නිර්මාණය කළ තිස්ස ලියනසූරිය මහතා ද මේ ශෝකාකූල අවස්ථාවේ අප සමග සිටින බව විශේෂයෙන් සඳහන් කරමි.

“පුංචි බබා”ගෙන් ආරම්භව “ආකාස කුසුම්” චිත්‍රපටයෙන් අවසන් වුණු මාලනීගේ සිනමා රංගනයට චිත්‍රපට 150 ක් පමණ ඇතුළත්. මේ සඳහා ඇය ගත කළ කාලය, මෙරට සිනමා කර්මාන්තයේ ස්වභාවය මෙන්ම ලාංකීය සමාජයේ ගැහැණියක් කෙරෙහි බලපාන බොහෝ සාධක සමග බලද්දී ඇය ලබාගත් මේ තත්වය විශ්මයකි.

සිනමා ලෝකයේ ප්‍රකට තල 3 ක් ඇත. ජනප්‍රිය සිනමාව, සිනමා රූපී සිනමාව හා කලාත්මක සිනමාව යන ඒ ත්‍රිත්වයයි. මාලනී යනු මේ ත්‍රිත්වයම එක සේ ජයගත් රංගනවේදිනියයි. ඒ අතින් ඇය සිංහල සිනමාවේ “නිධානයක්” ලෙස හැඳින්වීම නිවැරදිය.

ඇයගේ නිර්මාණාවලිය හෝ ලද සම්මාන මම මෙතනදී නැවතත් සිහිපත් නොකරමි. දේහ සෞන්දර්යය සපිරි තාරකා ගුණය, විරල ප්‍රතිභාව සහ අසම සම අභ්‍යාසයෙන් ගිරිමුදුන කරා එසවුණු කෞෂල්‍යය එතුමියගේ පදනම්ය. සියලු විචාරකයින් අවිවාදිතව පෙන්වා දෙන්නේ ඇය රඟ පෑ චරිතවල රංග පරාසය හා ඇය ඒ වෙනස්කම් දරා, උරාගැනීමට දැක්වූ අනුපමේය ප්‍රතිභානයයි.

මුළු ලංකාවම ඇයගේ වියෝවෙන් කම්පනයට පත්ව සිටින්නේ අවංකවමයි. ඇය ලබාගත් ජයග්‍රහණ සියල්ල මාලනී ලද පෞද්ගලික ජයග්‍රහණ නොව ලාංකීකයින් ලද ජයග්‍රහණ වේ. සම්මාන ලැබී ඇත්තේ මාලනී ෆොන්සේකාගෙන් ලංකා දේශයටය. කිසිවෙකුට, කිසිදු තත්වයක් යටතේ හෝ ඒ අනර්ඝ මෙහෙය බිඳකුදු අවතක්සේරු කළ නොහැකිය. ඇය දැයෙන් සමුගන්නේ ලක් රජය ද ලක් දැය ද අනුස්මරණීය කරවාගෙනය. ලාංකීය ඉතිහාසයේ විශිෂ්ට අමරණීය චරිතයක් බවට පත්වෙමිනි. ඇය නොමියෙන මතකයකි. අප සියලු දෙනාගේම සංස්කෘතික ජීවිතය ඉහළට ඔසවා තැබූ බලකණුවක් සමුගන්නා බවක් මට සත්‍යවශයෙන්ම හැඟී යයි.

ඇය දැයෙන් සමු ගන්නා මේ ශෝකාකූල මෙහොතේ අපි ඇයට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලනියගේ ප්‍රාර්ථනාව වූයේ කලාකරුවන්ට මේ ආර්ථික ක්‍රමය තුළ ස්ථාවර සමාජ ජීවිතයක් ගොඩනැගීමයි… එය සැබෑවක්ම වේවා! – රවීන්ද්‍ර රන් දෙණිය කියයි…

Next Post

පරණ වැඩ කරන්න බෑ… අතර මැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම විධිමත් කරනවා… අධ්‍යාපන ලේකම් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.