කකාවානි හෙවත් අලී ෂොරාබ් නැමති පුද්ගලයා විසින් ඉන්දීය මුස්ලම් සහ හින්දු ජන සමාජය තුල ගැටුම් ඇති කරන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට කරනු ලබන උත්සහයක් සම්බන්ධයෙන් අනාවරණය වේ.
මෙම පුද්ගලයා විසින් සිය ට්ටවිටර් ගිණුම සහ ෆේස්බුක් ගිණුම ඔස්සේ මුස්ලිම් සහ හින්දු ජනයා නොමඟ යවන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම පළකරමින් සිටින බවට වාර්තාවේ. එහිදී දැඩි ලෙස වීකෘත්ති කරන ලද තොරතුරු සත්‍ය බවට හැඟවෙන ආකාරයෙන් පළකිරීමට ඔහු සමත්ව තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් ඔහුගේ ට්විටර් ගිණුම් නවයක් අත්හිටුවීමටද ට්ටවිටර් සමාගම පියවරගෙන ඇත. එහිදී ඔහු විසින් මේවන විට සිය දස වන ට්ව්ටර් ගිණුම නර්මාණය කර වෛරී ප්‍රකාශ සිදුකරමින් ජාතිවාදය පතුරවමින් සිටින බවටද අනාවරණය වේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ට්විටර් ගිණුම් නවයක් අතිහිටුවද මේවන තෙක් ඔහුගේ ෆේස් බුක් ගිණුම අත්හිටුවීමට පියවරගෙන නොතිබීම සම්බන්ධයෙන් පාර්ශවයන් රැසක් ප්‍රශ්න කර ඇත. මෙම පුද්ගලයාගේ ෆෙස් බුක් ගිණුමේ විශාල පරීශීලකයින් පිරිසක් සිටින අතර එම පිරිස හරහා ඔහු දිගින් දිගටම සිය වෛරී ප්‍රකාශ සිදුකරමින් සිටින බවටද අනාවරණය වේ.
අනාවරණය වන ආකාරයට මෙම පුද්ගලයා තමන් මාධ්‍යවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරියෙකු ලෙස හඳුන්වා ගනු ලබන අතර එමගින් බොහොදෙනු අතරට ව්‍යාජ තොරතුරු බෙදා හැරීමද සිදුකරයි.







