පාකිස්ථානයේ සිටින චීන ජාතිකයෙකු විසින් එරට බාලවයස්කාර දැරියක් මාස කීපයක සිට ශරීරක වඳ බන්දන සිදුකරමින් අපයෝජනය කර ඇති බවට වාර්තා වේ.
ඉස්ලාමාබාද් පොලිසිය පවසන අන්දමට අදාල සැකකාර චීන ජාතිකයා පාකිස්ථානය තුල සීසීටීවි කැමරා පද්ධති සවිකිරිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහුගේ භාෂා පරිවර්ථකවරිය ලෙස වයස අවුරුදු 16ක දැරියක් ඉකුත් වසරේ මැයි මාසයේ සිට සේවය කර ඇති අතර ඇය රැකියාවට එක්වූ දින පටන්ම ඇයට අපයෝජනය කර ඇති බව අගතියට පත් දැරිය ප්‍රකාශ කර තිබේ.
පොලිසිය වෙත කළ පැමිණිල්ලට අනුව ඇය මේවන විට සති 31ක ගැබිණියක් බවට අනාවරණය වේ. අදාල දැරිය පවසන අන්දමට සැකකාර චීන ජාතිකයා විසින් දැරිය විරුද්ධ වුවද ඇය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇත.
දැරිය ගැබ්ගත් බවට අනාවරණය වූ ඇයගේ සොයරිය ඇයව රෝහල් ගතකර ඇති අතර එහිද කාලයක පටන් සිදුවූ මෙම අපයෝජනය සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ.
සිද්ධිය සැලවීමත් සමඟම ඉස්ලාමාබාද් පොලිසිය විසින් සැකකාර චීන ජාතිකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගෙන් අපයෝජනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇති බවද පොලිසියට සඳහන් කරයි.
දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකාර චීන ජාතිකයා දැරිය අපයෝජනය කළ බට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර අදාල දැරිය තමන් සමඟ ස්ව කැමැත්තෙන් ශාරීරික සම්බන්ධතා පැවැත්වූ බවට පොලිසියට වෙත පවසා ඇති බවද අනාවරණය වේ.
ඉම්රාන් ඛාන් අග්‍රාමත්‍යවරයාගේ සමයේදී පාකිස්ථානය තුල විශාල චීන ව්‍යාපෘති අරම්භ වූ අතර ඒ සඳහා චීන ජාතිකයින් විශාල පිරිසක් පාකිස්ථානයට පැමිණි තිබේ. මෙම පිරිස එරට තුල නීති විරෝධී ක්‍රියාවන් විශාල වශයෙන් සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන ජන සමාජයේ දැඩි විරෝධයක් නිර්මාණය වේ තිබේ.







