දිනසේන රතුගමගේ –
දෙමළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරවීමට නොහැකි වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු සෙසු දුර්වල නායකයින් සියලු දෙනාම දේශපාලනයෙන් ඉවත් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නෝහා රාධලිංගම් ඊයේ (14 ) වවුනියාවේදී පැවසීය.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිසිවක් ලබා දීමට මේ නායකයින් අපොහොසත් වී ඇති බවත් ඔවුන්ට මැතිවරණ සමයේදී ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට නොහැකි වී ඇති නිසාත් ඔවුන් වහාම දේශපාලනයෙන් සමුගෙන දෙමළ ජනයාගේ අභිලාෂයන් කරා යා හැකි පුද්ගලයින්ට අවස්ථාවක් සලසා දිය උතු බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් කටයුතු කොට පසුව පුනරුත්ථාපනය වූ සටන් කරුවන් දෙමළ ජාතික සන්ධානය හරහා දේශපාලනයට පිවිසීමට උත්සහ කළ නමුත් ඊට දෙමළ ජාතික සන්ධානයේ බොහෝ නායකයින් විරුද්ධ වූ බවත් සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ බලපෑම මත එය එසේ සිදු වූ නිසා ඔහු සියලුම දෙමළ ජනතාවගේ නායකයා නොවන බවත් නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් පුනරුත්ථාපනය වූ සටන්කාමීන් දෙමළ ජාතික සන්ධානය හරහා දේශපාලනයට නොගෙනාවේ ඔවුන්ව රවටවන දේශපාලනඥයින් ඉවත් කොට සටන්කාමීන් කෙරෙහි බැඳෙනු ඇතැයි යන උපකල්පනය මත බවද නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදී පෙන්වා දුන්නේය.