දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ බෙංගාල බොක්ක ප්‍රදේශයේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකුව දෙසැම්බර් මස 20 වෙනිදා තෙක් රිමාන්ඩ්බාරයේ තැබීමට ඉන්දියාවේ නාගපට්ටන අධිකරණය 15 දා නියෝග කොට තිබේ.
මෙම ධීවරයින් ගමන් ගත් යාත්‍රා දෙකක් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කළ බවට චෝදනා කරමින් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පසුගිය 10 වෙනිදා යාත්‍රා දෙක සමග ධීවරයින් 11 දෙනා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත භාර දී තිබුණි..
පොලීසිය විසින් එම ධීවරයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම ධීවරයින්ට මෙම නියෝගය පනවා තිබේ.