අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමහර ඉන්ධනහල් වේලෙද්දී හිතවත් අයට තුන් ගුණයක් ඉන්ධන

by Lanka Sara Editor
ඔක්තෝබර් 22, 2021
in පුවත්
fuel
Share on FacebookShare on Twitter

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවතින ඉන්ධන තොග පවා නිසි ලෙස බෙදා හැරීම මඟ හරිමින් සිටින අතර ඇතැම් ඉන්ධන හල් හිමියන්ට සාමාන්‍ය ඇණවුම් මෙන් තුන් ගුණයක් නිකුත් කර ඔවුන්ට සංචිත රඳවා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් මේ සැරසෙන්නේ හිගය මුවාවෙන් ඉන්ධන මිල වැඩි කිරීමකට සහ හිතවතුන්ට ලබා ලබා දීමට බවත් බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමගි ජනබලවේග වෘත්තීය සමිති නායක සහ ලංකා පුරවැසි පෙරමුණේ සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

පසුගිය සති අන්තයේ සිටම තම සැපයුම් සීමාකරමින් සිටි ඛනිජ තෙල් සංස්ථාව ඊයේ පොහොය දිනයේදී තෙල් බෙදා හැරීම නතර කර ඇති බවත් ලංකා අයි.ඕ.සී සමාගමද මේ අයුරින්ම කටයුතු කළේ ඉන්ධන මිල වැඩි කළහොත් එහි වාසිය ලබා ගැනීමට බව ද පාලිත මහතා පවසයි.

ඇතැම් ඉන්ධන හල්වලට පසුගිය සති අන්තයේ සිට ඉන්ධන බිඳක්වත් ලබා දීම කටයුතු නොකළ ඛනිජ තෙල් බලධාරීන් තම හිතවතුන්ගේ ඉන්ධන හල්වලට සාමාන්‍ය ඇණවුම මෙන් තෙගුණයක් දක්වා ඉන්ධන සපයා ඔවුන්ගේ සංචිත තර කළේ ඉදිරියේදී මිල වැඩි වීමක් වුවහොත් එහි වාසිය අත්කර දීම බවද ඔහු මෙහිදී තවදුරටත් පැවසීය.

ආනන්ද පාලිත මහතාට අනුව ඊයේ බොරතෙල් නැවක් ශ්‍රි ලංකාවට පැමිණෙන බව ඛනිජ තෙල් සභාපතිවරයා ප්‍රකාශ කළද මේ වනවිට පැමිණ ඇත්තේ පෙට්‍රල් නැවක් බවත් මේත තත්ත්වය මත ඉදිරියේදී පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ලබන 11 වැනිදායින් පසු නොමැති බවට ආණඩුවට අයත් වෘත්තීය සමිති ඇතුළු සේවක සංගම් මේ වනවිට රජයට පෙන්වා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද රටට අවශ්‍ය ඩීසල් ගෙනවීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පැහැදිලි නොවන බවත් ඉදිරි ජනවාරියෙන් පසුව ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන්ද රජය තවම ගන්නා පියවර පිළිබඳව මහජනතාව හමුවේ ප්‍රකාශ කර නැති බවද ඔහු මෙහිදි සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොව දෙදරවමින් බද්දේගම නිවසක මිදුලට අහසින් කඩා වැටුණු අමුතු පාෂාණය ගැන පරීක්ෂණ…

Next Post

මංගල්‍යයට වෙන් කළ මිලියන 02න් අසරණයෙකුට නිවසක් දී ටකරන් මඩුවක විවාපත් බෝසත් යුවල

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.