උදය දෙනිපිටියගේ –
බද්දේගම කූරගොඩ නිවසක මිදුලට අහසින් කඩා වැටුණු මින් පෙර කිසිවෙක් දැක නැති අබිරහස් පාෂාණ කොටස් ප්‍රමාණයක් විශේෂ පරීක්ෂණයක් සඳහා මේ වනවිට රැගෙන ගොස් තිබේ.
ඊයේ (21) රාත්‍රියේ නිවස සහ අවට පොළව දෙදරවමින් දැවැන්ත ශබ්දයක් සහ කම්පනයක් ඇතිකර අහසින් කඩාවැටුණු මෙම අද්භූද පාෂාණ කොටස සම්බන්ධව ඒ අවස්ථාවේ දීම නිවැසියන් පොලිස් ස්ථානයට දැනුම් දී ඇත්තේ හදිසි ඇමතුම් අංකය අමතමිනි.
සුදු පැහැති පාන් පිටි වලට සමාන කැටගැසී ඇති මෙම පාෂාණය පිළිබඳව මේ වන විට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරයි .