පොලිසිය නිරායුධ විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් එළි දැක ඇත. පහර කන අය අතර කාන්තාවක් ද වේ. මේ එසේ සංසරණය වූ දර්ශනය.
මෙ එක් පුද්ගලයෙකුට පහර දෙන්නේ ජාතික කොඩිය ඔසවාගෙන සිටිය දී එම ජාතික කොඩිය අත දරා සිටින විටය..
ඊයේ විරෝධතාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 55 දෙනෙක් රෝහල්ගත කර තිබිණි. ඉන් තිදෙනෙක් අසාධ්‍ය මට්ටමේ පසුවූහ. එසේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූයේ හමුදා වෙඩි තැබීමෙන් තුවාල ලද තිදෙනාය.
මේ පහර දීමි දර්ශන සහිත වීඩායෝ මේ වනවිට අන්තර්ජාතික අවධානයට ලක් වී තිබේ. එය ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මානව ලෝක මානව හිමිකම් සංවිධානවෙත යොමු කර ඇත.









