ලෝක බැංකුවේ මීළඟ ප්‍රධානියා ලෙස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී ලෙස දැනට කටයුතු කරන සමන්තා පවර් පත් කිරීම පිළිබඳව එරට රජයේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ සමීපතම මිතුරියකවන සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද මිතුරියක බව සඳහන් වෙයි.
රොයිටර් පුවත් සේවය තවදුරටත් පවසන්නේ දැනට ලෝක බැංකුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඩේවිඩ් මැල්පාස් හදිසියේම තනතුරින් ඉවත් වීම පිළිබඳව නිවේදනය කිරීමෙන් පසුව ලෝක බැංකුවේ ප්‍රධානියා ලෙස සමන්තා පවර් පත් කරන ලෙස එක්සත් ජනපද නිලධාරීන්, දේශගුණික විපර්යාස විශේෂඥයින් සහ ගෝලීය සංවර්ධන සම වයසේ මිතුරන් විසින් ඉදිරිපත් කරන නම් අතර සමන්තා පවර් ද වන බවයි.
දැනට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) නායකත්වය දරන සමන්තා පවර්, දිගුකාලීන මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ හිටපු මාධ්‍යවේදිනියකි.
ඇය ජනාධිපති බරක් ඔබාමා යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස සේවය කළාය.
අමාත්‍ය මංගල සමරවීරගේ විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එලි දැකවීමේ උළෙලට ඇය ආරාධිත රාජ්‍ය තාන්ත්‍රික නිලදාරිනියක් ලෙසින් සහභාගී වූ අතර අමාත්‍යවරයා හදිසියේ මිය යාමෙන් පසුව ඇය සටහනක් තබමින් සිය ජීවිතයේ හමුවූ විශිෂ්ට ගුණාංගවලින් යුතු සමීප මිතුරකු ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා හඳුන්වා දුන්නාය.







