සමනලවැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන හතක් ඉංජිනේරුවන් විසින් හඳුනාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (01) පැවසුවේය.
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“අප ඉංජිනේරුවන් කැඳවලා තොරතුරු විමසුවට පස්සේ ඔවුන් කිව්වා සමනල වැව ජලාශයෙ ජල මට්ටම ඉතිහාසයේ පළමුවෙනි අවස්ථාවට මේ තරම් අඩුවුනේ කියලා. “
“පසුගිය සතියේ වාර්තා කළ ආකාරයට ජල කාන්දුවන ස්ථාන හයක් හෝ හතක් ඔවුන්ට දැනට නිරීක්ෂණය වෙලා තියනවා.”
“වලව කලාපයට ගොවිතැන් කටයුතු කරන්න අවශ්‍ය ජලය ඝණ මිටර මිලියන පනහයි. නමුත් මේ කාන්දුව නිසා ඝණ මීටර මිලියන විස්සක් වෙනත් ප්‍රදේශයකින් බැහැර වෙනවා.”
“හඳුනාගෙන තියන මේ ජල කාන්දු වසා දැමීම සඳහා දැන් විදුලිබල මණ්ඩලය කටයුතු ආරම්භ කරලා තියනවා. ඒ නිසා අප හිතනවා අවුරුද්දකට රුපියල් බිලියන දෙකක පමණ විදුලිය උත්පාදනය කරන වියදමක් අපට ඉතිරි කරගන්න පුලුවන් වෙනවා මේ ජල කාන්දුව නවත්වලා ජලාශය ඇතුළේ ජලය රඳවා ගන්න පුලුවන් වුනොත්”