සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබන් අඩුවට ඕන නම් බහුජාතික අයට දෙන බදු සහන දේශීය අපටත් දෙන්න!

දේශීය ව්‍යවසායකයෙක් කියයි

by Lankasara News
අප්‍රේල් 29, 2022
in පුවත්, ව්‍යාපාර
Samantha Kumarasinghe
Share on FacebookShare on Twitter

බහුජාතික සමාගම්වලට ලබාදෙන බදු සහනය දේශීය සමාගම්වලටත් ලබා දෙන්නේ නම් අඩු මුදලට සබන් ලබා දිය හැකි යැයි ‘නේෂන්ස් බියුටි ක්‍රියේෂන්ස්’ ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ සමන්ත කුමාරසිංහ මහතා පවසයි.

කුමාරසිංහ මහතා පවසන්නේ සබන් ඇතුළු මෙම නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී ආනයන බද්ද දේශීය ව්‍යපාරිකයන්ට සියයට 40ක් වනවිට බහු ජාතික නිෂ්පාදකයන්ට එය සියයට 5ක් පමණක් වන බවය. දිනපතා අරුණ පුවත් පක සමඟ සාකච්ඡාවක යෙදෙමින් ඔහු පවසා ඇත්තේ අඩුම තරමින් මේ අවස්ථාවේදීවත් දේශීය ව්‍යාපාරිකයන්ගේ බදු සියයට 5ක් පමණ අඩු කළහොත් දේහීය නිෂ්පාදකයන්ට සාපේක්ෂව අඩු මිල වැඩි කිරීමකින් වෙළෙඳපොලේ අඩු මිලකට සබන් අලෙවි කළ හැකි වන බවය.

කෙසේ වුවද පවතින ඩොලර් අර්බුදය සහ ඉන්ධන මිල වැඩි වීම ඇතුළු වියදම් වැඩි වීම මත ඉහත බදු සහනය ලබා දීම තුළ පවා මෙම නිෂ්පාදනවල මිල සියට 15කින්වත් ඉහළ දැමීමට සිදුව ඇති බව සමන්ත කුමාරසිංහ මහතා පවසයි.

මෙරට සබන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගණනාවක්ම ආනයනය කරනු ලබන්නේ ඉන්දුනීසියාවෙන් හා මැලේසියාවෙනි. ඩොලරයේ අගය වැඩිවීමත් සමඟ අමුද්‍රව්‍ය සඳහා සේම ප්‍රවාහන වියදම් ඇතුළු අමතර වියදම් සියල්ල ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය සමඟ වැඩිමිලටවත් සබන් ලබා දිය හැකිදැයි ගැටලුවක් මතු වී තිබෙන බව කුමාරසිංහ මහතා සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාර්තු මාසෙන් පස්සේ අපි සබන්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නලම නෑ.. ඒ නිසා අපේ නිෂ්පාදනය සියයට 50කින් මේ වෙද්දී අඩු කරලා තියෙන්නේ.. මැයි මාසේ වගේ වෙද්දී අපේ සබන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවත්තන්නත් ඉඩ තියෙනවා.. අපිට ණයවර පත් එකක්වත් විවෘත කර ගන්න බැරි පසුබිමක බහුජාතික සමාගම්වලට නම් අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න බැංකුවලින් පහසුකම් සලකලා තියෙනවා කියලා පේනවා…

කුමාරසිංහ මහතා පවසන්නේ නීත්‍යනුකූල ලෙස ව්‍යාපාර කරන දේශීය ව්‍යාපාරිකයින් හට කළු සල්ලි නොමැති නිසා ව්‍යාජ ආකාරයෙන් ඩොලර් යවා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීඹට හැකියාවක් නොමැති වගයි.

අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී දේශීය ව්‍යාපාරිකයන් ලෙස ආනයන බද්ද සියයට 40ක් ගෙවිය යුතු අතර බහු ජාතික සමාගම් ගෙවන්නේ සියයට 5කි. ඒ අනුව දේශීය ව්‍යාපාරිකයින් බහුජාතික සමාගම්වලට සාපේක්ෂව සියයට 35ක් වැඩියෙන් බදු ගෙවිය යුතු ය.

අපේ බද්දත් සියයට 40 සිට සියයට 5 දක්වා අඩු කළොත් සියයට දහයක හෝ පහළොවක පමණ මිල වැඩිකිරීමකින් සෑහීමට පත්වෙන්න අපිට පුළුවන්.. ඩොලර් එකේ මිල වැඩිවීම සීයට 65කින් වෙද්දී අපිට සියයට 35ක් බදු සහනයක් ලැබෙනවා නම් සියයට 15ක් අපි දරාගෙන මිල වැඩිකිරීම සියයට 15කට සීමා කරන්න පුළුවන්.. ජනතාව වෙනුවෙන් එවැනි දේ අපි කරන්න ඕනේ..

ඔහු පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිතය ගැන බලාපොරොත්තුවක්… අත්‍යාවශ්‍ය ඖෂධ රැගත් නෞකාවක් ඉන්දියාවෙන් පැමිණේ…

Next Post

පන්චෙන් ලාමා නිදහස් කරන්න යැයි ඉල්ලමින් ටිබෙට් වැසියන් උද්ඝෝෂණයක

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.